"මල්ලි..."
"නූ..නා..."
සදලුතලයට වෙලා ඈත පේන නගරයෙ නත්තල් සැරසිලි හා සතුටින් සෙල්ලම් කරන ළමුන් දෙස බලන් ගැඹුරු කල්පනාවක හිටිය හෝසොක් ගැස්සිලා පියවි සිහියට ආවේ උරහිසට දැනුන නූනාගෙ ස්පර්ශයෙන්...
"දුකින් නේද..?"
"නෑ නූනා..."
නූනා ලාවට හිනාවෙලා හෝසොක්ගෙ එහාපැත්තෙ සදලුතල වැටට පිට දිලා දෑත් බැදන් හෝසොක් දිහා බලන් හිටියා...
"ඔයා හිතන් ඉන්නෙ පුංචි කාලෙ ඉදන් මගෙ තුරුලෙම හැදුන මගෙ පැටියාගෙ වෙනස මේ නූනාට නොතේරෙනවා කියලා ද...මැරේජ් එකෙන් පස්සෙ එක ගෙදර නොහිටියත් මට ඔයාව තාමත් දැනෙනවා මල්ලි..."
"මං ඒක දන්නවා නූනා.."
හෝසොක් දෑස්වල තිබ්බ කදුලු අතරින් ලාවට හිනාවෙන්න උත්සාහ කලා...
"ඇයි දැන් මේ අවුලෙන්....ඩැඩා ගෙනාව ප්‍රපෝසල් එක හින්දද..."
"හ්ම්ම්......එයා ගිහින් අවුරුද්දක්ම ඉවරවෙලාත් මට තාමත් එයාව අමතක කරගන්න බෑ නූනා..මට තේරෙන්නෙ නැ...😓"
"ඕක ඔච්චර දුක් වෙන්න දෙයක් නෙවෙයි දරුවො...ඩැඩා ගේන ප්‍රපෝසල් එකට කැමති වෙන්නම ඕනම කියලා එකක් නැනෙ...අද මනමාලයා ඇවිත් ගියාම ඔයා ඩැඩාට කියන්න ඔයා එයාට කැමති නැ කියලා...හදිසියේවත් ඩැඩා හේතුවක් ඇහුවොත් අර එදා ටේහියුන් මට කියන්න කිව්ව වගෙ ඔයා කියන්න ඔයාට අඩුම ඩිග්‍රිය ඉවරවෙලා ජොබ් එකක් කරනකන්වත් මැරි කරන්න බැ කියලා..."
"අනේ මන්දා...😓"
"ඔයා බය නොවී ඉන්නකො...ඩැඩා බල කරන එකක් නැ මට වගෙ...ඔයාට තාම 23යිනෙ...අනික මං ඉන්නකන් ඔයා අකැමැති දෙයක් කරන්න ඉඩ දෙන්නැ මමාටයි ඩැඩාටයි...හ්ම්ම්..."
නූනා හෝසොක්ගෙ ඇස් අගින් පහලට බර උන කදුලු බිදුවක් පිස දැම්මා...
"ඒත් නූනා ඔයා හිටියා වගෙ සිටුවේෂන් එකක නෙවෙයි මං ඉන්නෙ...එයා මැරි කරපු කෙනෙක්....සමහර විට දැන් බබෙක් එහෙමත් ලැබෙන්න ඉන්නවා ද දන්නැ...මාව මතකත් නැතුව ඇති දැන්...එදා ගියාට පස්සෙ අද වෙනකන් එයා කැලිෆෝනියා වලට ආවෙ නැ....අඩුම යාලුවෙක් අතෙ මට පනිවිඩයක්වත් එව්වෙ නැ....මට එයා විශේෂ උනාට එයාගෙ ජිවිතේට හිටිය මිනිස්සු අතරෙ මං තවත් එක මනුස්සයෙක් විතරයි...එයා කොහොමත් මට ආදරෙ සහොදරයෙක් විදියට...."