හෝසොක් යුනිවර්සිටි එකේ එයාට තිබ්බ අන්තිම ලෙක්චර් එකත් ඉවර උනාට පස්සෙ බෑග් එකත් එල්ලන් මේන් ගේට් එකෙන් එලියට ආවේ ගෙදර යන්න හිතන්...ඊයෙ ඉදන් හෝසොක් හිටියෙ වැඩි හිත හොදකින් නෙවෙයි...මේ පාර යුනිවර්සිටි එකෙ විභාගයෙ හෝසොක්ගෙ ලකුණු වෙනදට වඩා පහල මට්ට්මක තිබ්බ නිසා හෝසොක් හිටියෙ ගෙදරින් හොදටම බැනුම් අහගෙන...
පාරදිගෙ ඔහෙ ඉදිරියට ගමන් කරමින් හෝසොක් හිටියෙ තමන් එක්කම ලොකු විවාදයක...
"ඇත්තටම මං වැඩකට නැති කෙනෙක් ද..? මං කිසිම දේකට දක්ෂ නොවුන එක මගෙ වැරැද්දක් ද..? ඇයි ඩැඩාට මාව තේරුම් ගන්න බැරි...මාක්ස් අඩු උන එකට මාව ගෙදර හිර කරලා එයාල මොනවාද බලාපොරොත්තු වෙන්නෙ.."
යාලුවො එක්ක කල්ලි ගැහිලා ඉන්න තමන්ගෙ වයසෙ ඉන්න අනෙක් තරුණ ලමයි ඉන්න නිදහස දැක්කම හෝසොක්ට දැනුනෙ එයාට හිරවෙලා වගෙ...
"හරි හමන් යාලුවෙක්වත් නැති තනියෙන් පාලුවෙන් ඉන්න මාව ඇයි මේ මිනිස්සු තවත් හිර කරන්න හදන්නෙ...😑😅"
දෑස්වල කදුලු තියන්ම හෝසොක් හිනාවෙවී පාර මාරුවෙලා එහ පැත්තට ආවෙ යන ගමන් එතන තියෙන පේස්ට්‍රි ශොප් එකෙන් මොනවා හරි ගන්න හිතාගෙන...
"හොබි..."
හෝසොක් පාර මාරුවෙලා පේස්ට්‍රි ශොප් එකට පැත්තට යන්න හද්දි කවුරු හරි කතා කලා ඇහුන නිසා හෝසොක් එකපාරටම ගැස්සිලා පිටිපස්සෙ හැරිලා බැලුවා...
"අහ් ටේහියුන් හියොන්...."
පිටිපස්ස හැරෙද්දි ලස්සන හිනාවකුත් දාන් පිලිවෙලට ඇදපැලදලා ඔෆිස් බෑග් එකකුත් එල්ලන් ඉන්න ටේහියුන් දැක්කම හෝසොක්ගෙ දෑස්වල කදුළු වේලිලා ගියෙ ඉබේම වගෙ...
"කොහෙද මේ යන්නෙ...යුනිවර්සිටි නැ ?? "
"යුනිවර්සිටි ගිහින් එනගමන් තමා හියොන් මේ...අදට ලෙක්චර්ස් ඉවරයි..."
හෝසොක් එල්ලන් හිටිය බෑග් එකෙ පටි එක්ක සෙල්ලම් කරමින් හිනාවෙවී ටේහියුන් එක්ක පාර දිගෙ ඉදිරියට ඇදුනා...
"හ්ම්...එහෙම ද...ඒත් මං හිතුවා බෝයීෆ්‍රෙන්ඩ් එක්ක රන්ඩුවත් වෙලාවත් ද කියලා..."