🧊 3 🧊

93 27 21
                                    

ටේහියුන් විවේකයෙන් ඉන්න වෙලාවට කාලය ගත කරන්න ආසම තැන්වලින් එකක් තමා ජසෙරා උද්‍යානය කියන්නෙ...අද සති අන්තයෙ දවසක් නිසා ටේහියුන් උදේම උද්‍යානයට ඇවිත් එයා හැමදාමත් වාඩිඋන බෙන්ච් එකෙන් වාඩිවෙලා නිදහසෙ පොතක් කියවන්න පටන්ගත්තා...
ටේහියුන්ගෙ හිත අද වෙනදට වඩා සතුටින්...ඒ සති කීපයකට පස්සෙ අද හෝසොක් උද්‍යානයට එන නිසා...මේ පාර එක්සෑම් එකට හොද ලකුණු ගත්ත නිසා ඩැඩාගෙන් හෝසොක්ට ආයෙත් එයාගෙ සුපුරුදු නිදහස ලැබිලයි තිබ්බෙ...හෝසොක් දවසින් දවස දියුණු වෙද්දී ටේහියුන්ට දැනුනෙ හරි අහිංසක සතුටක්...

"ටේ හියොන්...."

පුද්ගලයා නොදැකම උනත් ඈත තියාම කෑගපු හඩ අදුරගන්න ටේහියුන්ට අමාරු උනෙ නැ...ඒත් ටේහියුන් කලබල නොවී දිගටම පොත දිහා බලන් හිටියා...

"දෙවියන්ට ස්තූති වෙන්න ඕන...මං හිතුවේ ඔයා අද මෙතනට එන්නැති වෙයි කියලා..."

බෑග් එකකුත් උස්සන් දුවගෙන ආව හෝසොක් ටේහියුන් ලගින් වාඩිවෙලා හති අරිමින් කෑගැහුවා...
හෝසොක්ගෙ කලබලේට ටේහියුන් පොතත් පැත්තකට දාලා හෝසොක් දිහා බැලුවා...

"මොකද හොබි මේ කලබලෙන්..?"

ටේහියුන් බයවෙලා කතා කරද්දී හෝසොක් ටේහියුන්ට උරහිසට තට්ටුවක් දාල හිනාවුනා...

"අයියෝ කලබලයක් නැ අනේ...මං මේ ඉක්මනට ආවේ ඔයාට සුභාරංචියක් කියන්න..."

"සුභාරංචියක්...? "

ටේහියුන් ඇස් දෙකත් ලොකු කරන් හෝසොක් දෙස බැලුවෙ ටිකක් අමුතු විදියට...

"අපේ නූනා එයාගෙ ආදරෙ ගැන අර බෝයිට කන්ෆෙස් කලා...එයත් නූනාට කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ...ඒ හියොන් ඊයේ අපේ ගෙදර ඇවිත් ඩෑඩාට කතා කලා..."

"ඉතින්..?"

"පුදුමයි හියොන් ඩැඩා කැමති උනානෙ ඒ එෆෙයා එකට...ඩැඩා කිව්වා ඉක්මනට ඩේට් එකක් දාන් වෙඩින් එක ගමු කියලා..."

"නූනා හරි සතුටින් ඉන්නෙ...මටත් සතුටුයි...ඔයාට ගොඩක් ස්තූතියි හියොන්..."

"ආ මෙන්න...ඔයාට පොඩි තෑග්ගක්..."

හෝසොක් ටේහියුන්ට හිස නවලා ස්තූති කරල එයා අතේ තිබ්බ බෑග් එකෙන් පොඩි බොක්ස් එකක් අරන් ටේහියුන්ට දික් කලා...ටේහියුන් හිනාවෙලා බොක්ස් එක විවෘත කලා බැලුවේ නොඉවසිල්ලෙන්...

COFFEE WITH BUTTER COOKIES | •VHOPE•Where stories live. Discover now