1st breath 🍂

880 68 12
                                    

Jungkook's view

එලියේ සිමෙන්ති බංකුව උඩ ඉදගෙන සීතල පිණි බිංදු වලට තෙමුණු තණකොල ගොල්ලේ කකුල් දෙක තියාගෙන මම හිටියේ අහස දිහා බලාගෙන... තරු මහ ගොඩක් පායලා තිබුණට හද හැංගිලා ගිහින්. හරියට මගේ ජීවිතේ වගේ. තරු ගොඩක් තිබ්බට මගේ ජීවිතේ එලිය කරන්න පායපු හඳ අද මාව තනි කරලා.

-"යූ..මට ඔයාව ගොඩක් මතක් වෙනවා මැණික.. කුකීට පාලුයි "

නොදැනිම මගේ වචන අහසත් එක්ක දොඩමළු වුණා. මට තනියි. පාලුයි.. වෙනදට මේ වෙලාවට අපි දෙන්නා එකට ගුලි වෙලා හොදටම නිදි නේද මැණික.. ඔයා එහාපැත්තේ නැතුව, ඔයාගේ චූටිඅත මගේ බඩ වටේ එතිලා නැති වුණාම මට නින්ද යන්නෑනේ යූ...

සිමෙන්ති ඇන්දට ඔලුව හේත්තු කරගෙන මම ගොඩක් දේවල් හිතුවා. නිකන් ඔහේ අහස දිහා බලන් ඉන්නකොට මටත් නොදැනිම මට ගොඩක් දේවල් මතක් වුණා. එහෙම වෙනවා ඇති නේද? හිතට අරමුණක් නැති වුණාම විකාර දේවල් හිතෙනවා කියලා ඔයාමනේ මට කිව්වේ..

අනේ මගේ පණ්ඩිත ආච්චි.. ඔයා අඩනවද මැණික.. අඩන්නෙපා යූ.. ඔයාගේ බෝල කම්මුල් රතු වෙයි එතකොට. නහයත් උඩට ඇද ඇද තාම ඉකිගහනවද ඔය ? එදා මම ගහපු කම්මුල් පාර ඔයාට ගොඩක් රිදුනද මැණික? මියන්හේ මට රිද්දන්න ඕනි වුන්නෑ ඔයාට.. ඒත් මම දන්නවා. ගහපු පාරට වඩා රිදුණේ මගේ වචන නේද ? කම්මුලට වඩා රිදුණේ ඔයාගේ හිත නේද ? දන්නවද යූ මටත් එදා රිදුණා. ඔයාටත් වඩා රිදුණා... තාමත් රිදෙනවා..

තාමත් උඩ බලාගෙන ඉන්න මට එදා මගේ කෙල්ලගේ අඩලම හෙම්බත් වුණු මූණ මැවිලා පෙනුණා. ඒ ඇස් ඒ තරම් වේදනාවෙන් බර වෙලා තියෙනවා මම මීට කලින් කවදාවත්ම දැකලා නෑ.

ඔයාගේ පුංචි ඇස් මගෙන් ඇහුවා මැණික..
මගෙන් මොකක්ද වුණු වරද කියලා... ඔයා කවදාවත් මට ඉහලින් කතා කරන්න ගියේ නෑනේ. හැමදාම වගේ ඔයා ඇස් වලින් අහන දේ මට තේරුණා.. ඒත් මම නොතේරුණා වගේ ඔයාගේ කතා කරන ඇස් මගෑරිලා අහක බලාගත්තා.

කුකීට සමාව දෙන්න පුලුවන්ද?

එන්න එන්නම සීතල වැඩිවෙනවා. ඒත් මට ගේ ඇතුළට යන්න උවමනාවක් තිබුන්නෑ. අහස දිහා බලාගෙන ඉන්නකොට හිතට චූටි සැනසීමක් දැනුණා. ඒ ගේ ඇතුලේ කොහොමද මම ඉන්නේ.. ඔයාව මැවිලා පේනවා යූ.. මට ඒ ගේ අස්සේ ඉන්න බෑ






Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Where stories live. Discover now