No one's view
ඒ ඇස්වලට තව අඩන්න කදුළු නැති නිසාද කොහෙද මැලවුණු ඇස් පොළොව දිහාට බරවෙලා හැගීමක් නැතුවම අතරමන් වෙලා. යූනාගේ ඇස්දෙකේ පිරිලා තිබුණු හැගීම් මහ ගංවතුරකට හෝදගෙන ගිහින් වගේ බොර පාටට හැරිලා. ඒ හිතට විශ්වාස කරන්න අමාරුයි.
ඇදක් උඩ හුස්ම අල්ලන් ඉන්න සටන් කරන්නේ තමන්ගේ එකම ආදරේ කියලා...
යූනාට නොදැවැනි මහ දුකකින් ජිමින්ගේ හිතත් වහගෙන. කොල්ලට දුකකට එහාගිය වරදකාරී හැගීමක් දැනුණා. ලග ඉදලත් ජන්කුක් පරිස්සම් කරගන්න බැරිවුණා කියන වරදකාරී හැගීම ජිමින්ගේ හිතේ අයින් කරන්න බැරි තරම් ඝනකමට ගල් වෙලයි තිබුණේ.
" යූ "
ඒ ජිමින්ගෙමද කියලා අඳුරගන්න බැරි තරම් කොල්ලගේ රිදීකටහඩ ගොරහැඩි වෙලා ගිහින්. පපුවේ බර කදුලු කරපු නිසාම ඒ කටහඩ වැහිරිලා ගිහින්. ජිමින්ගේ හඩට යූනාගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. කොහොම උත්තර දෙන්නද ? යූනාගේ ආත්මය කෙල්ලව අතෑරලා ගිහින් කොහේදෝ කාන්තාරයක අතරමන් වෙලා ඉබාගාතේ තාමත් ජන්කුක්ගේ උණුහුම හොය හොයා ඇවිදිනවා.
" යූ.. මගේ පැටියෝ.. "
" මගේ කුකීට මොකද්ද ඔප්පා වෙලා තියෙන්නේ ? ඇයි එයා එහෙම ඉන්නේ ? "
ජිමින් දිහාවට හැරිලා කෙල්ල ඇහුවේ ආයෙමත් නෙත් කෙවෙනි කදුළු වලින් පුරෝගෙන. ජිමින්ට දැනුණේ කොල්ලගේ උගුර හිරවෙලා වගේ. උගුරු දණ්ඩ කැඩෙන්න තරම් ලොකු ඉකියක් හිරකරන් ජිමින් බර හුස්මක් අතෑරියා. ඒ වගේ අසරණකමක් ජීවිතේ කිසිම වෙලාවකදි කාටවත් දැනෙන්න නරකයි.
" අපේ කුකී ලෙඩවෙලා යූනා.. එයා අසනීපෙන් ඉන්නේ.. "
ජිමින්ගේ හීනි ඇස් දන්නවා කතා කරනකොට හිනාවෙන්න. ඒත් ඇස් අද හිස්බවකින් පිරිලා වචනත් ගොතගහනකොට යූනාගේ හිතට ඒ වචන වාවගන්නවත් බැරි වුණා.
පුටුවෙන් නැගිටලා කෙල්ල වීදුරුවෙන් පේන කොල්ලා දිහා බලාගෙන වීදුරුව හිමිට පිරිමැද්දේ ලගට ගිහින් සනසන්න නොදී ඒ වීදුරු දොරම ඔවුන් දෙපැත්තට වෙන් කරලා නිසා. යූනාගේ වගේම ජිමින්ගෙත් අවධානය තමන්ට නතු කරගෙන කොල්ලගේ රූම් එකේ දොර ඇරගෙන ආවේ ජන්කුක් බලපු ඩොක්ටර් .
YOU ARE READING
Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||
Fanfictionකොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -