18th breath 🍂

229 44 19
                                    

   

    එදා ඒ විදියට ජියා පොලිසියට භාර වෙද්දි ජිමින් ජන්කුක්ව පුලුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට අරන් ගියා.

ඉමර්ජන්සි යුනිට් එකෙන් එලියට ආපු හේසෝක් ජිමින් දිහා බැලුවේ ජිමින්ට මොනවා කියන්නද හිතාගන්න බැරුව. පිස්සෙක් වගේ කොණ්ඩේ අවුල් කරගෙන ෂර්ට් එක පුරාම ලේ තවරගෙන ඉන්න ජිමින්ව හේසෝක් බදාගත්තා.

ජිමින්ට ඕනි උනා කාටහරි වාරු වෙන්න. එයාට මේ දේවල් බර වැඩී වගේ දැනුණා. කතාකරන්නවත් බැරි තරමට ජිමින්ගේ හිතේ තිබුණු පීඩනය කොල්ලව ගොලු කරනකොට ජිමින් කරේ හේසෝක්ට තවත් ගුලි උන එක..

" ජිමිනා.. ඔහොම බෑ හරිද !! උබ තමයි මෙතන කෙලින් ඉන්නම ඕනි එකා.. "

" හ්..හ්‍යො..න්ග්.. හ්‍යොන්ග්.. මගේ පොඩි එකා හුස්ම ගත්තේ නෑ හ්‍යොන්ග්.. එ එයා එයා හොදින් නේද කියන්නකෝ.. "

ජිමින්ගේ පිටට හිමීට තට්ටු දාන ගමන් හේසෝක් ජිමින්ට සන්සුන් කරා. එයා දැනගෙන හිටියා ජිමින්ගේ පීඩනය. කාගෙවත් හයියක් නැතුව ජිමින්ට දරාගන්න අමාරු බව.

" ජන්කුක් මෙහෙම අල්ලගෙන ඉන්න එක ලොකු දෙයක් තමයි ජිමිනා. එයා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන එක වටිනවා තමයි. ඒත් එයා ලෙඩෙක් කියන එක අපි අමතක කරන්න නරකයි. කොල්ලා exhauste වෙලා. එයාට මහන්සි වෙන්න පුලුවන් සීමාවක් තියනවා ජිමිනා. එයාට අපිට වගේ අල්ලන් ඉන්න අමාරුයි. ඉක්මනට වීක් වෙනවා එයාගේ ඇග. අනිත් එක දැනිච්ච ශොක් එක නිසයි සිහිනැති වෙලා තියෙන්නේ. "

ජිමින්ගෙන් හූල්ලනවා ඇරෙන්න වෙන කිසි දෙයක් කිව්වේ නෑ. ජිමින් ඉන්නේ කතා කරගන්න පුලුවන් තත්වෙක නෙවෙයි කියලා තේරුම් ගත්ත නිසාම හේසෝක් දිගටම කතා කරා.

" මේ සෙල්ලම දැන් ඇති ජිමිනා. ජන්කුක් මෙහෙම කරන එකෙන් වෙන්නේ එන්න එන්නම එයාගේ කාලේ අඩුවෙන එක. අන්තිමට මේ හැමදේම මහ තේරුමක් නැති බොරු වැඩ වෙන්න කලින් යූනාට ඇත්ත කියපන්. අන්තිම කාලෙවත් ජන්කුක්ව සතුටින් තියන එක අපේ යුතුකමක්. ඒ කොල්ලා දුක් විදලා දුක් විදලා ජීවිතේ අතෑරලා ගියොත් අපිටත් මුලු ජීවිත කාලෙම සැනසීමක් නැති වෙයි. අර කෙල්ලත් ඉන්නකම් විදවයි. මේක තේරුමක් නැති වැඩක් ජිමින්... තාමත් පරක්කු නෑ. ගිහින් ඒ කෙල්ලව එක්කන් වරෙන්

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Where stories live. Discover now