24th breath 🍂

214 39 33
                                    

No one's view

      රෑ දෙගොඩ හරියක් වෙනකම් ෆිල්ම් බලලා, කොට්ට වලියක් දාලා මුලු ගේම හැඩි කරලා ආයේ රෑ දෙකට විතර ගෙදරත් ඔක්කොම අස් කරලා පරක්කු වෙලා නිදාගත්ත නිසා බාගෙට ඇරිලා තිබුණු ජනෙල් රෙදි අතරින් ඉර එළිය හූ කිය කිය එයාලගේ කාමරේ ඇතුලට ආවත් යූන්කුක් දෙන්නා නම් හිටියේ තද නින්දක..

ජන්කුක්ගේ පපුව උඩ ඔලුව තියාගෙන අතක් ජන්කුක්ගේ බඩ වටේ ඔතාගෙන අහිංසක පූස් පැටියෙක් වගේ නිදාගෙන හිටිය යූනාව ජන්කුක් එයාගේ ලොකු අතකින් බදාගෙන හිටියා.

සැරයක් දෙසරයක් රින්ග් වෙලා දොර ඇරෙන්නැති පාර ඒක උඩ නැගගෙන වගේ බෙල් කරන සද්දෙට යූනා උඩ ගිහින් ඇහැරුණා. ජන්කුක් ඇහැරෙන්නැති වෙන්න එයාගේ අඩු ටික එහාට මෙහාට කරලා යන්තම් හුස්මක් ගත්ත කෙල්ල තව පාරක් හෙන හයියෙන් බෙල් එක වදිනකොට තඩි ඇනුමක් යවන ගමන් පහලට ගියේ දොර අරින්න..

" ජිමින් ඔප්පා.. මොකද අනේ මේ උදේ පාන්දර බෙල් එක කඩන්න හදන්නේ.. "

අතින් කටින් බඩු මලු තොගයක් උස්සගෙන හැටට හැටේ රවාගෙන ඉන්න ජිමින් දිහාවට යූනා චූට්ටිත්තන් හිනාවක් දැම්මා.. උදේම ගෑස් ටැංකිය පුපුරලා වගේ !!

" උදේ ? හහ් යස උදේ !! එකොළහත් පහු උනාමද ඔයාට එලිවෙන්නේ මිසිස් ජියෝන් ? "

ජිමින් අඩිය හප්පලා උඩ පැනලා කෑගහනකොට යූනා ඇස් දෙක බෝල කරා.. ඊලඟට ඒ ලොකු උනේ ඇස් කෙලින්ම නතර උනේ සුදු පාට වෝල් එකේ ලොකුවට සෙටප් කරලා තිබුණු ක්ලොක් එක ගාව.. එච්චර උදේ වෙලායෑ තාම 11.25 !!

" අනේ ජිමිනා එහාට වෙලා බනින්නකෝ මට ඇතුළත යන්න "

ජිමින්ට පිටිපස්සෙන් හිටිය සූ පුංචි කෙලි පැටික්කිවත් වඩාගෙන අමාරුවෙන් බඩු මලු ටික උස්සන් හිටපු ජිමින්ව එහාට තල්ලු කරලා ගේ ඇතුළත ආවා.. අප්පට බැනපු එකට හිකි හිකි ගාන කෙල්ලවත් උස්සගෙන සූ කෙලින්ම නතර උනේ සෙටියේ වාඩි වෙලා.

කිසිම අවසරයක් නැතුව තමන්ගේ ගෙදරට බලහත්කාරයෙන් ඇතුල් උනු සූමින් දෙන්නා දිහා කට ඉරක් කරන් බලන් ඉදපු යූනා අන්තිමට චූටි කෙල්ල එයාගේ සුට්ටන් අත් දික් කරකර යූනට කතා කරන නිසා දෙවනි පාරටත් අහිංසක ජිමින්ව පෙරලගෙන යූනා ලිට්ල් මිසිස් පාර්ක් ගාවට දිව්වා..

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Where stories live. Discover now