2nd breath 🍂

400 59 5
                                    

Jungkook's view

-"ආයිශ් කොහෙද මම ඒක තිබ්බේ "

තිබ්බ තරහට මම ඔෆිස් එකේ හැම කබඩ් එකක්ම අවුස්ස අවස්ස ඒ ෆයිල් එක හෙව්වා. පිලිවලට අහුරලා තිබ්බ කබඩ් සේරම කනපිට ගැහුවත් මට ඕනි දේ හම්බුණේ නෑ. මට මතකයි මෙතන තමයි තියලා ගියේ. මීටින් එක තව විනාඩි පහලවකින් වුණත් ඕනම ෆයිල් එක මිසින්ග්. එක පැත්තකින් ඔලුවත් රිදීගෙන එනකොට මම කොණ්ඩෙන් ඇදගෙන සීට් එකේ වාඩි වුණා. දහ අතේ කල්පනා කරපු මට කරන්න දෙයක් හිතාගන්න බැරි වුණා..

-" දැන් මොකද කරන්නේ ? "

මේ අවුරුද්දේ හොදම profits එන කම්පැණි එකේ share holdersලා එක්ක කරන්න තිබ්බ මීටින්ග් එක කැන්සල් වෙයිද කියලා මගේ හිත බයකින් පිරුණා. දෙයියනේ මගේ මාස ගාණක මහන්සිය !!! ඒත් කොහොමද ඇනලයිසිස් කරපු ඩේටා නැතුව මීටින් එකක් කරන්නේ. එලිය බලන් කල්පනා කරපු මම ඒ කටහඩට ගැස්සුණා.

-"කුකියා යමු මීටින්ග් එකට පරක්කුයි "

-" හ්‍යොන්ග් ෆයිල් එක.. ඒක නෑනේ "

-" මේකද ? "

හොයොන්ග් මගෙන් ඇහුවේ එයා අතේ තිබ්බ නිල් පාට ෆයිල් එක පෙන්නලා..

-" අනේ මේ තියන්නේ. කොහෙද ඕක තිබ්බේ මම හැමතැනම හෙව්වා "

-" ඇයි ඔයාමනේ මට මේක දුන්නේ ඊයේ finalize කරන්න කියලා "

හ්‍යොන්ග් පුදුම වෙලා ඇහුවත් මට ඒ ගැන මතකයක් තිබ්බේ නෑ.

-" ආහ්.. දැන් කමන්නෑ යමු පරක්කු වෙලා "

හ්‍යොන්ග්වත් ඇදගෙන මම conference room එකට දිව්වේ මම වනසපු කැබින් එක secretary ජියාට අස් කරන්න කියන ගමන්..

දින , සති , මාස වේගෙන් ගෙවිලා ගියත් මගේ ජීවිතේ එක තැනක නතර වෙලා වගේ. ඉස්සර මගේ හැම වැඩකටම උදව් දිදී මාත් එක්කම ඉදිය ඔයා නැතුව මට දැන් ජීවිතයක් නෑ වගේ. මට ඔයාව ගොඩක් මතක් වෙනවා යූ.. මට ඔයාව ගොඩක් ඕනි.. උණුවතුර දාලා නූඩ්ල්ස් එක තැම්බෙනකම් බලාගෙන හිටපු මට මැවිලා පෙනුනේ ඔයා ඉන්න දවස්වල එක එක ජාතියේ කෑම වලින් පිරිලා තිබුණු අපේ ඩයිනින් ටේබල් එක. අපි කොච්චර හිනා වුණාද? විහිළු කරකර මම කෑම කවනකොට ඔයා කටත් උල් කරන් කනකොට පොඩි ලමයෙක් වගේ මැණික. ඒ වෙලාවට මම දෙන පුංචි කිස් වලින් ඔයා රතු වෙන තරමක්. කනකොටවත් කියවන්නැතුව ඉන්න බැරි අපි දෙන්නා තරම් ආදරණීය කපල් එකක් නෑ කියලා ජිමින් හ්‍යොන්ගේ නූනා කියනවා ඔයාට මතකද ?

මේ එහාපැත්තේ පුටුවේ වාඩි වෙලා ඉන්න ඔයාව මගේ උකුලට අරන් ඔයාට කියලා කවාගන්න ආසයි මට.. මමම හදාගත්තු රාමේන් කප් එකක් එක්ක මේ ලොකු මේසේ මම විතරයි අද.. මගේ මැණිකගේ හිනාව නැතුව මුලු ගෙදරම මූසල වෙලා. ඔයා ඉන්නකොට සතුටින් පිරිලා , අලුත්වෙලා තිබුණු අපේ ගෙදර මම විතරක් තනියම ඉන්නකොට මේක අමු සොහොනක් වගේ යූ...

මට පාලුයි...

උදේ කෑම එක අරගෙන ඔෆිස් එකට යන්න නැගිට්ටත් මට ආයෙම පුටුවේ ඉන්දවුණා. අත ඉස්සරහට තියලා ඒ උඩින් ඔලුව තියාගෙන ටික වෙලාවක් ඉදලා මම ඔෆිස් ගියේ නොයා බැරිකමට..

ඉස්සර මම වැඩ ඇරිලා එද්දි ඔයා ඉන්නවා මග බලාගෙන.. අනේ එතකොට ඔය මූණේ හිනාව. පොඩි එකෙක් වගේ මම කන්න ගේන්නේ මොනාද කියලා තමයි බලන් ඉන්නේ ඔයා. අදත් මම ඔයා ආසම කෑම ගෙනාවා යූ.. ඔයා නැති වුණත් ඔයාගේ ආසාවට අජුම්මගේ පුංචි කඩේට මගේ කකුල් ඇදෙන්නේ පුරුද්දටද කොහෙද..

රෑට කන්න පිරියක් නොතිබුණු නිසා මම කෑම නොකාම study room එකට ආවේ අද කරන්න ඉතුරු වුණු presentation එක ඉවර කරන්න..

-" මොනවා වෙලාද මට.. කම්ප්ලීට් කරපුවා ආයේ ඕපන් කරන්නේ ? "

කම්ප්ලිට් කරපු folders ආයේ reopen කරකර මම ස්ක්‍රීන් එක උඩට පහලට scorell කලා. කවදාවත් නැතුව මට අද මගේ project එක අමතක වෙලා. බැරිම තැන ඉවර කරපු projects නෝට් ඩවුන් කරගත්තේ මගේ මතකය මට මටම බැන බැන..

පාන්දර දෙක විතර වෙනකම් මම එකදිගට වැඩ කලා. ඔයා කෝපි එකක් හදන් ලස්සනට හිනා වෙලා මට අරන් එනවා නේද යූ හිටියනම්.. ඔයාගේ හිනාවට පුලුවන් දවසෙම මහන්සිය නැති කරලා දාන්න. ඒත් දැන් මගේ අඩි සද්ද පවා දෝංකාර දෙන මේ හුදකලා ලොකු ගෙදර මාව තවත් තෙහෙට්ටු කරනවා.

හ්‍යොන්ග් කිව්වා ඔයා තාමත් දුකින් කියලා. හිත හදාගෙන ශක්තිමත් වෙන්න. මොකද බැදෙන තරමට අතාරින එක අමාරු වෙනවා.

ඒත් මම

ගතින් නැති වුණත් හිතින් තව තවත් ඔයාටම බැඳෙනවා..

_______

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Where stories live. Discover now