29th breath 🍂

220 35 11
                                    


" මැඩම් !! යාහ් මිසිස් යූන් !! අන්න ඔයාගේ හස්බන්ඩ්ව අර නැට්ටිච්චියෝ ටික වට කරගෙන.. අනේ එපා කියන්නකෝ.. ජන්කුක් සර් ඔයාගෙනේ..!! මොකද්ද අප්පා .. "

යූනාගේ කැබින් එකට කඩාගෙන බිඳගෙන ආපු ජියා ඔය අඩි හප්ප හප්ප කෑගහන්නේ ඔෆිස් එකේ අනිත් අය ජන්කුක්ව වට කරගෙන කතා කරනවට ඉරිසියාවේ..

" අනේ අනේ මේ කෙල්ල නම් .. කුකී ගොඩ කාලෙකට පස්සෙනේ ඔය ඔෆිස් එකට ආවේ.. ඒ නිසා ඔහේ කතා කරකර ඉදපුවාවේ ජියා.. එයාටත් පාලුවක් නෑනේ එතකොට "

" ඒ උනාට අනේ අර බලන්නකෝ.. "

පුටුවේ ඉදන් ඉදපු යූනාව ඇදගෙන ගිහින් ජියා ජන්කුක් හිටිය ඕපන් ඒරියා එකේ දොර ඉස්සරහ හිටගැස්සුවා.. ජන්කුක්ව පුටුවක වාඩි කරවලා වැඩ කරන තැන හැමෝම ජන්කුක්ව වට කරගෙන කයිය.. කොල්ලත් පුංචි එකෙක් වගේ බෙල්ල උස්සගෙන හැමකෙනා එක්කම හිනාවෙවී කතා කරනවා.. එතන නම් පෙනුනේ කම්පැණි එකේ CEO ඇවිල්ලා වගේ නෙවෙයි කාගෙහරි පොඩි එකෙක් ඔෆිස් එකට ඇවිත් කට්ටියම වටකරගෙන එයාව හුරතල් කරනවා වගේ.. අනික අද ෆුල්සූට් නැතුව කොල්ලා කැශුවල් කිට් එකක් ඇදලා අර කොණ්ඩේ නැති තට්ට ගෙඩිය වැහෙන්න පුලුන් වලන් ගොතපු සුදුපාට බිනීකැප් එකක් දාගෙනයි ආවේ.. ඉතින් පුංචි එකෙක් වගේ නොපෙනි තියෙයිද?

ඔය ඔක්කොම පැත්තක තියලා යූනා බලාගෙන හිටියේ ඒ දිලිසෙන ඇස්දිහා.. ඒ ඇස්වල ඒ කාවවත් අදුරන පාටක් තිබුණේ නෑ.. ආගන්තුකයෝ ගොඩකට මැදිවෙච්ච ඒ අහිංසක ඇස් හිනාඋනේ නොදන්නාකමට.. ඒත් එතන ඉදපු අනිත් හැමකෙනාගෙම මූණේ හිනාවක් තබ්බට ඒ ඇස්වල හිරවෙලා තියන දුක අඳුරගන්න යූනාට අමාරු උනේ නෑ.. ඒක හරියට වතුර යට හංගපු රබර් බෝලයක් වගේ.. කොච්චර හංගන්න උත්සාහ කරත් උඩට එන්නමයි හිත..

හිතට දැනෙන බැඳීමක් මිනිස්සු ඇති කරගන්නේ තමන්ගේ ජීවිතේ වටිනම මිනිස්සු එක්ක විතරයි.. ජීවත් වෙන කාලපරාසය ඇතුලත මිනිස්සු දස දහස් ගණනක් අපේ ජීවිතවලට ආවා ගියත්.. කොයිතරම් කාලයක් ගියත් අද ඊයේ වගේ මතක හිටින බැදීම් මිනිස්සු හදාගන්නේ හරි අඩුවෙන්.. විශ්වාස කරනවද ජන්කුක් යටතේ වැඩකරපු හැම සේවකයකුගෙම හදවත්වල ඒ තරම් ලෙන්ගතුකමක් ජන්කුක් වෙනුවෙන් ගොඩනැගිලා තිබ්බා.. සරලව කිව්වොත් ඒ ආයතනය ඇතුලෙදි ඒ මිනිස්සු ආසාවෙන් වැඩ කරා.. Jeon Groups ටිකෙන් ටික දියුණු ඒ මිනිස්සු හදවතින්ම සතුටු උනා.. තමන්ගේ තැනක් දියුණු වෙනකොට දැනෙන ආත්මීය තෘප්තිය ඒ හදවත්වලට හැමදාමත් දැනුණා..
කෙනෙකුගේ ජීවිකාව ඉදිරියට අරන් යන ලොකුම හයිය තමයි ඒ මනුස්සයාගේ වෘත්තිය.. ඉතින් සැළකිය යුතු කාලයක් අපේ ශ්‍රමය, බුද්ධිය, කැපකිරීම වැය කරන ඒ තැන ඒ කෙනා ආසාවෙන් ගත කරන්නේ නැත්තම් මනුස්සයෙක් විදියට සැලකිය යුතු කාලයක් ගතකරන්නේ පීඩනයෙන්.. ජන්කුක්ට ඕනි උනේ නෑ තමන්ගේ පීඩනය සේවකයන් පිටින් යවන්න.. ජන්කුක්ට හැමවෙලේම උත්සහ කලා තමන්ට දැනෙන පීඩනය තමන්ගෙන් විනිවිද යන්න නොදී ඒක තමන් තුලට උරාගන්න.. සාර්ථක නායකයෙක් කියන්නේ අන්න ඒකට.. එයාට පුලුවන් වෙන්න ඕනි අමාරු කාල හරහා යනකොට දැනෙන අපහසු හැගීම් කල්පනාකාරීව හසුරවන්න වගේම තමන්ගේ සේවකයන් ඒ අපහසු වාතාවරණ වලදී ඕනිවටවඩා විඩාවට පත් නොකරන්න.

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Where stories live. Discover now