05

64 22 1
                                    

ජන්කුක් වැඩට ඇවිල්ලා අදට සතියයි . හොඳට වැඩ කරනවා . මම ලැස්ති උනේ අද සල්ලි ටික එයා අතට දෙන්න . එත් අද එයා වැඩට එන්න ටිකක් පරක්කුයි . ප්‍රශ්නයක්ද දන්නැ .
වෙනදා වෙලාවටම එන කෙනා අද එන්න විනාඩි 28ක්ම පරක්කුයි . එත් දොරෙන් ඇතුළට ආපු එයාගෙ මුණෙ කිසි හොඳ පෙනුමක් පෙන්න තිබ්බෙ නෑ . ලෙඩ වෙලාවත්ද ..

ජන්කුක් ?

සොරි හ්‍යුන්ග් අද පොඩ්ඩක් පරක්කු උනා .
පොඩි හිනාවක් එක්ක කිව්ව එයාගෙ ඒප්‍රන් එක ගන්න දික් කරපු අත හිරිලා . එයාට කියන්න ඔනි නැතුව ඇති කියල මම එයාගෙන් අහන්නෙ නැතිව හිටියා .

මම වෙනදා වගේම බලාන හිටියා . එයාට කිසි හොඳ පෙනුමක් නෑ . මම දෙතුන් පාරක්ම එයාගෙන් එ ගැන අහන්න උත්සහ කරත් එයා මාව මග ඇරියා . එත් එක පාරට මම කිචන් එකෙන් එළියට ආවෙ . ඇහුන සද්දයක් නිසා . හිටිය කස්ටර්මර්ලා දෙන්නා එළියට ගිහින් . ජන්කුක් එයා අතෙ තිබ්බ ප්ලේට් එක වැටිලා . එයා හිටියේ මෙසෙකට හෙත්තු වෙලා .

ජන්කුක් !!!
මම ඉක්මණට එයා ළඟට ගියා . මේ ළමයා කාලා නැද්ද .

ජන්කුක් මොකද්ද උනේ ? මම එයාව ඉක්මණට ඉන්දවලා වතුර කොප්පයක් දුන්නෙ බොන්න .

අහ් නැ හ්‍යුන්ග් ඇඟට පොඩ්ඩක් අමරුයි . සොරි ඔයාගෙ ප්ලෙට් එක මම එකට ගෙවන්නම් . ජන්කුක් නැගිටින්න හදන ගමන් කියනකොට මම එයාව අයෙ ඉන්දෙව්වා .

යාහ් ජන්කුක් පිස්සු නටන්න එපා . ප්ලෙට් එකද දැන් වැදගත් කකුලත් තුවාල වෙලා පරිස්සන් වෙන්න එපැයි . අපි ගෙදර යමු .

හ්‍යුන්ග් තව වෙලා තියනවා .

කස්ටමර්ස්ලා නැ බලන්න ළමයො ඔයා හොඳටම ලෙඩ වෙලානේ මෙහෙම ඉන්න බෑ ඔයාට අපි යමු . මම ඉක්මණට මගෙ වොලට් එකත් අරන් ජන්කුක් ව එක්ක ටැක්සි එකකට නැග්ගේ එයාව ගෙදරට ඇරලවන්න . මොනා නැතත් පණ්ඩිත කමනම් තියනවා .

එයාගෙන් ගෙදරට යන පාර අහන් යන්න ටික වෙලාවක් ගියා . හොඳටම රස්නෙයි . හොඳටම උනද කොහෙද ...
ටික වෙලාවකින් ටැක්සි එක නැවැත්තුවේ පොඩි ගෙයක් ගාව .

ජන්කුක් මේකද ගෙදර ?
මගෙ ඇඟට හෙත්තු වෙලා ඉන්න ජන්කුක් ට මම කතා කරෙ එයා අමාරුවෙන් ඔව් කියනකොට. මටත් වඩා ලොකුයිනේ මේ ළමයා ...

මම ගෙදර දොරෙ බෙල් එක ගැහුවත් උත්තරයක් හන්බුනේ නෑ .

ඔම්මා අද එන්නෙ නැතුව ඇති ජන්කුක් මගෙන් එහාට වෙලා එයාගෙ සාක්කුවට අත දාන් යතුර හොයන්න ගත්තා .

ටික වෙලාවකින් යතුර හොයාගෙන අපි ගියේ එයාගෙ ගෙ ඇතුලට . පොඩි උනත් ලස්සනයි මම ඉක්මණට ජන්කුක් ව කමරෙට එක්කන් ගිහින් ඇඳෙන් හාන්සි කෙරෙව්වෙ එයාගෙ කෝට් එක ගලවලා පැත්තකට දාන ගමන් .

Your Light || jinkook ✔Where stories live. Discover now