🌼01st Chapter🌼

115 23 17
                                    

No one pov,
සරුවට වැඩුනු ගසේ අතු අතරින් තාලයකට පතිතවන හිම බිදිති එක්ක ඇගේ පුංචි අතැගිලි සෙල්ලම් කලත් හිතනම් වෙනකොහෙදෝ ගිහින් වගේ.....
ඇගේ නෙත් යොමු වෙලා තිබුනෙ හිදගෙන සිටි නේවාසිකාගාර මිදුලේ සිට බංකුව දෙසට ඇයම තබා තිබූ පුංචි පුංචි පා පියවර දෙසටයි.

වැටුනු හිම මත හරි අපූරු රටාවකට ඇගේ පුංචි පා පියවර සටහන් වෙලා තිබුනා.

තමාගෙ තනිකම,දුක, සතුට,වේදනාව වෙනුවෙන් මෙතුවක් කල් ලග සිටි තම අප්‍රාණික මිතුරා වෙත නිතැතින්ම දෑත් ගෙන ගිය ඇය,තම පා සටහන් වල පුංචි මතකයක් මිතුරා තුල සටහන් කර ගත්තා.

අත්ල මතට වැටුනු හිම කැට ඉතා පරිස්සමින් ස්පර්ශ කල ඈ නැවත ඒවා ක්ෂණිකව පොලොවට දැමුවේ තම අතැගිලි වල රළු පහස නිසා හිමකැට රිදී හඩාවි යන සිතුවිල්ලෙනි.

ඇගේ මේ හැසිරීම පිලිබද විමසිල්ලෙන් තවත් සුන්දර හදවතක් බලාසිටි බව නම් ඇයට දැනුනේ නැති තරම්...

☆pov,

පුංචි ගෑනු ලමයෙක්...හිමත් එක්ක තනියෙන් කෝලම් කරනවා.මං දැන් ටිකක් වෙලා ඉදන් එයා දිහා බලන් හිටියත් තාමත් එයා මාව දැක්කෙ නෑ...එයාට බංකුවට නැග්ගම කකුල් දෙකවත් බිම තියන්න බෑ...එයා හුගක් පොඩියි...ඒත් එක්කම එයා බංකුවට නැග්ග විදිහ මට මැවිලා පේන්න ගත්තෙ හිනාවක් එක්කමයි....මගෙ හිත කොච්චර දුර ගියත් පුංචි ගෑනුලමයා තාමත් හිමත් එක්ක බර කල්පනාවක...

ඈත ඉදන් බලන කෙනෙක්ට එහෙම හිතුනත් ටිකක් ලංවෙලා බලනකොට තමයි මටත් තේරුනෙ...පුංචි ගෑනු ලමයගෙ ඇස් දෙකේම කදුලු...එයා මොකක්හරි දෙයක් දෙයක් නිසා හිත් වේදනාවෙන් ඉන්නෙ.
මං හෙමින් හෙමින් පුංචි ගෑනු ලමයා ලගට ගිහින් හිම බිදු වැටුනු බංකුවෙන් ඉදගත්තා.

එයාගෙ එහාපැත්තෙන් මම ඉන්නවා කියලා දැනිලද කොහෙද බංකුවෙ මැදට වෙන්න ඉදගෙන හිටිය පුංචි කෙල්ල ලිස්සලා වගේ බංකුවෙ එහා කෙලවරට ගියා.

එයා මාත් එක්ක කතාකරන්න අකමැතී වගේ...

දුක් සහගත සිතුවිල්ලක් තත්පරයක් තුල ඇතිවුනත් ඊලග තත්පරේම ඒක නැතිවෙලා ගියෙ පුංචි කෙල්ල බංකුව කෙලවරේ ඉදන් හොර පූස් ඇස් වලින් මං දිහා බලනවා දැක්ක නිසා.

❀pov,

හිමත් එක්ක කාර්යබහුල වෙලා හිටපු මට දැනුනා මගෙ එහාපැත්තෙන් කවුරුහරි වාඩිවුනා කියලා.මට එකම එක බයයි ඇතිවුනේ.අනිත් අය වගේ එයත් මාව ප්‍රතික්ශේප කලොත්....

ඒ නිසාම මං ඉක්මනට බංකුවෙ අනිත් කෙලවරින් ඉදගත්තා.ඒත් හිත නම් කිව්වෙම එකම එකපාරක් හරි ආපු කෙනා දිහා බලන්න කියලා.ඉතින් මාත් මගෙ නාහෙට නාහන හිතට ඉඩදීලා හොරෙන් වගේ එයා දිහා බැලුවා.....









......ඉතිරිය පසුවට.....
_______________________________________________කොහොමද ඉතින් ඔයාලට...මාව මීට කලින් රීඩර් කෙනෙක් විදිහට දැකලා ඇති කියලා හිතනවා.❤️
මේ මගෙ පලවෙනිම ස්ටෝරි එක...ඔයාලගෙ ආදරනීය කමෙන්ට්ස් මට ගොඩාරියක් වටිනවා...ඒනිසා කමෙන්ට් එකක් දීගෙන යන්න....කතාව හොදයි කියලා හිතෙනවනම් වෝට් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

එහෙනම් අදට ගිහින් එන්නම්.💜
හැමෝටම ආදරෙයි.
බුදු සරණයි.ජේසු පිහිටයි.🌼

✍️Hana












🌼𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚🌼✅Where stories live. Discover now