🌼04th Chapter🌼

43 14 13
                                    

Ha Yoon pov,

මම පලවෙනිම දවසෙ හයි ස්කුල් එකට පය තිබ්බෙ මගෙ ඔම්මගෙ,අප්පගෙ වගේම මගෙ හිතේ තිබ්බ බලාපොරොත්තු කන්ද ටිකෙන් ටික තරනය කරන්න හිතාගෙන.සතුට වැඩිකමටම වෙන්නැති ඇස්වල කදුලු පටලයක් තියෙනවා මට දැනුනා.අහස උසට බලාපොරොත්තු ගොඩ ගැහුවත් ඒ සේරම විනාශ වෙලා යන්න ගතවුනේ එක තත්පරයයි.

"හායි.මමත් අද ඉදන් ඔයාලත් එක්ක ඉගෙන ගන්නවා.මට ඔයාලව අදුන්වලා දෙන්න පුලුවන්ද...."

ක්ලාස් එකට වෙලා කතාකර කර හිටපු ගෑනු ලමයි කීප දෙනෙක්ව අදුරගන්න උත්සහ කලත් මට ලැබුනෙ කවදාවත්ම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක්.

"හායි?
කවුද තමුසෙ?මට පේන විදිහට නම් වැරදිලාද කොහෙද ඇවිත් ඉන්නෙ....මේක නර්සරි එකක් කියලා හිතුවද කෙල්ලෙ.පාඩුවෙ ආව තැනකටම යනවා යන්න."

පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් වගේම හිතට ලොකු දුකක් දැනුනත් මට ඕනෙ වුනේ එයාලගෙ වැරදි අවබෝධය නැතිකරන්න.

"ඔයාලා වැරදියට තේරුම් අරගෙන ඉන්නෙ...මමත් ඔයාලගෙම වයසෙ ලමයෙක්..."

එහෙම කිව්වම එක ගෑනු ලමයෙක් මං දිහා බලලා අප්‍රසන්න විදිහට හිනාවුනා.

"මේ බලන්නකො යූරා.අපේ වයසෙලු...කාටද මේ අපහාස ආ..."
"ඇග නම් නර්සරි වගේ...මූන අපෙ ආච්චිගෙ වගේ... බලන්නකො මේ කෙල්ලගෙ හැටි විතරක්..."
"ඊව්ව්...අත් දෙක මාර ගොරෝසුයි.ඒයි කෙල්ලෙ...හයි ස්කූල් එන්න සල්ලි හෙව්වෙ පාරෙ තාර දාලද?ඒකට අපේ අත් බලන්නකො...මල් පෙති වගේ."

මගෙ අතින් වගේම මූනෙන් ඇද ඇද කිව්ව ඒ හැම වචනයක්ම මගෙ හිතේ තැන්පත් වුනේ හරියට ගලක කෙටුවා වගේ.කෑගහලා අඩන්න ඕනෙ වුනත් ඊට කලින් ක්ලාස් එකට මැඩම් කෙනෙක් ආව නිසා අර ගෑනු ලමයින්ගෙ කටවල් ටිකත් වැහිලා ගියා.

"ගුඩ්මෝනින් ගර්ල්ස්...ඔයාලා දන්නවා අපේ හයිස්කූල් එක හැම අවුරුද්දෙම ස්කොල'ශිප්ස් දෙනවා කියලා.හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අපි දක්ෂ දරුවෙක්ට අපේ ස්කොල'ශිප් එක දුන්නා.
මේ ඉන්නෙ ඒ දරුවා.හැමෝම මෙයාව පිලිගන්න.
පුතේ...ඔයා ඉස්සරහට ඇවිල්ලා හැමෝටම ඔයාව අදුන්වලා දෙන්න.

🌼𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚🌼✅Onde histórias criam vida. Descubra agora