🌼Last Chapter🌼

53 14 21
                                    

No one pov,

හායූන් ගෙ ජීවිත කතාව ඉතා වුවමනාවෙන් අහගෙන හිටපු සුකී ඇයගේ තරු ඇස්වලින් සන් කලේ කතාව ඉස්සරහට අරන් යන්න හායූන්ට ආරාධනා කරමින්.

"ඊටපස්සෙ වුන දේවල් මට පැහැදිලි නෑ සුකී...මට ඒ දේවල් පැහැදිලි කරගන්න උදව් කරන්න..."

හායූන්ගෙ දුක්බර හඩත් එක්ක සුකීගෙ ඇස්වලත් කදුලු පිරුනා.සුකීට ඕනෙ වුනේ නෑ ආයෙමත් හායූන් පසුතැවෙනවා බලන්න.

"අපි ඒ ගැන කතාකලා ඇති හායූනි.ඔයාට කාලයත් එක්ක මේ දේවල් වලට උත්තර ලැබෙයි."

සුකී තමන්ගෙ සන්සුන් වදන් පිටකලේ කලබලෙන් එහෙමෙහෙ යන මිනිස්සු දිහා බලාගෙන.










"I'm sorry Mr.Lee...මේ දරුවා නැතිවෙලා අඩුම තරමෙ පැය දෙකක්වත් වෙනවා.පඩිපෙලේ කිහිප තැනකම හිස වැදිලා තියෙනවා හුගක් දරුනු විදිහට.මීට වැඩිය මේ දරුවො ගැන සැලකිලිමත් වෙන්න තිබ්බෙ නැද්ද"

මළසිරුරේ හිසින් ගලා ගොස් හිම මත කැටි වූ රුධිරය දෙස බලා හුන් වෛද්‍යවරයා දෙවන වරටත් නේවාසිකාගරයේ පාලකවරයාට තම නිගමනය ඉදිරිපත්කලා.පාලකවරයාගෙ මුහුනෙන් නම් මේ කිසිදු දෙයක් පිලිගන්නට සූදානම් බවක් පෙනුනෙ නෑ.

"මට මේ දේවල් හීනයක් වගේ ඩොක්ට...කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ.පොලිසියෙන් මාව සැකකරලා වගේ ප්‍රශ්න කලේ.
මේ ලමයගෙ දෙමව්පියො හෙට ලමයව බලන්න එනවා.මං මොනවද ඒ මිනිස්සුන්ට කියන්නෙ."

දෑතින්ම හිස බදාගත් ඔහු හිම මත වැටී තිබුනු මළසිරුර දෙස බලා සිටියෙ කැලඹී ගිය මුහුණින්.ඇත්තෙන්ම ඔහුගේ නව පෙනුම උන්මන්තකයෙක්ට දෙවෙනි වුනේ නැහැ.











මුවින් වචනයකුදු පිට නොකලත් හායූන් ඉතාම අවධානයෙන් තමා ඉදිරියේ සිදුවෙන දේ බලා සිටියා.
ඇගේ නෙතින් කදුලක් කඩා හැලුනේ ඒ කුඩා මෘතශරීරය පොලිස් නිලධාරීන්ගේ දෝතින් ගිලන් රථයට නැගි අයුරු දුටු විටය.

"හායූනී...දැන් අඩන්න එපා.අපි ආයෙමත් මුල ඉදන් පටන් ගමු."

සුකී හායූන්ගෙ දෙනෙතේ කදුලු පිස දැමුවේ ඉතාම ප්‍රවේශමෙන්.

🌼𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚🌼✅Where stories live. Discover now