🌼03rd chapter🌼

52 13 23
                                    

Ha Yoon pov,

මොකද්ද හායුනී...?

ඔයා ගොඩක් ලස්සනයි සුකී...මටත් ඕනෙ ඔයා වගේ ලස්සන වෙන්න.
ඒත් මං ඔයා තරම් පින් කරලා නෑ සුකී...

මගෙම වචන නිසා මගෙම ඇස් වලට කදුලක් නැගුනත් කුඩා ඉකිබිදුමකින් පමණක් ඒ කදුල පාලනය කරගන්න මට පුලුවන් වුනා.

ඔයා හුගක් අවංකයි හායූනී...මේ ලෝකෙ ඔයා වගේ අවංක අය හොයාගන්න බැරි තරම්...විශේෂයෙන් ගෑනු ලමයි කැමති නෑ තව ගෑනු ලමයෙක් ලස්සනයි කියන්න.
ඒත් ඔයාට හොදටම විශ්වාසද ඔයා කියන තරම් මම ලස්සනයි කියලා.

යන්තමින් හිනාවුනු සුකී මගෙ අත් දෙක අරගෙන එයාගෙ අත් වලට මැදිකරගත්තා.

ඔයා ඒන්ජල් කෙනෙක් වගේ...
තමන්ට නොලැබුනු දෙයක් වෙන කෙනෙකුට ලැබිලා තියෙනවනම් ඒකට ඊර්ෂ්‍යා කරලා ලැබෙන දෙයක් නෑ සුකී...

ඒක ඇත්ත තමා...
ඒත් තමන්ගෙ බාහිර රූපය කියන්නෙ හැමදේම නෙවේ හායුනී...
පිටතින් රෝස මලක් වගේ කෙනෙක්ගෙ හදවත කටු වත්තක් නම් ඒ ලස්සනෙන් කිසි වැඩක් නෑ.
ඔයා බාහිර රූපයෙන් කොහොම කෙනෙක් වුනත් හදවත හරිම පොහොසත්...ඔයා සතුටු වෙන්න හායූනී...ලස්සන හදවත් හරි දුර්ලභයි.

සුකීගෙ වචන වලට මාව යම් තරමකට සුවපත් වුනා...ඒත් මං දන්නවා...මං පරක්කු වැඩී...සුකීව මට මීට කලින් හම්බුනා නම්...
එයා කිව්ව විදිහට ඇත්තටම මට එයාව මගහැරුනද..?

හායූනී...
මං ඔයාගෙන් දෙයක් අහන්න ඇත්තම කියනවද....

දුර ගිහින් තිබ්බ හිත ආයෙමත් මගෙ ලගට ආවෙ සුකීගෙ වචනවලින්.

ඕනෙ දෙයක් අහන්න සුකී...

මම මෙතනට එනකොට ඔය ඇස් වල කදුලු තිබුනෙ ඇයි..?

මට ඕනෙ වෙලා තිබ්බෙත් මේ හැමදෙයක්ම කාටම හරි කියලා මගෙ හිත නිදහස් කරගන්න.

මම මුල ඉදන්ම හැමදේම කියන්නම් සුකී...
මගේ කතාව...අවුරුදු 17ක මගේ කතාව.

























අවුරුදු 17ක මගේ කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌼𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚🌼✅Where stories live. Discover now