🌼02nd chapter🌼

72 17 19
                                    

❀Ha Yoon pov,

ආගන්තුකයා දිහා එකපාරක් බලලා ඇස් ඉවතට ගන්න ඕනෙ වුනත් මම තව තවත් ඒ රූපයට ආශික්ත වෙලා වගේ බලාගෙන හිටියා....බලාගෙන හිටියා නෙවේ....මගෙ පාලනය මගෙ අතින්ම ගිලිහිලා නොපෙනෙන දුරකට ගිහිල්ලා.

දිගු ඇසිපිය,කරුණාවෙන් දිලිසෙන බෝල ඇස්, අස්සෙ මාව මොහොතකට හිරවුනා.මෙච්චර වෙලාවක් ඇස් වල රැදිලා තිබුනු කදුලු පටලය වාෂ්ප වෙනවා වගේ මට දැනුනෙ.

අහ්ම්..අහ්ම්..

සිහියත් අසිහියත් අතර දෝලනය වෙවී හිටපු මාව ආයෙම පියවි සිහියට ආවෙ ඒ හඩට.

හායි...ඔයා කැමතිද මට ඔයාව අදුන්වලා දෙන්න.

මං බයවෙලා වගේ ඒ ගෑනු ලමයගෙ මූන දිහා බලන් හිටිය විදිහටද කොහෙද එයාගෙ මූන පුරා දගකාර හිනාවක් සටහන් වෙලා තිබ්බා.
ඩිම්පල් තියෙන ඒ කම්මුල් හිනාවෙනකොට හරිම ලස්සනයි.ඒන්ජල් කෙනෙක් වගේ....

හායි...

එයා ආයෙම වතාවක් මට කතාකරද්දි මං මගෙ බිදුනු හඩ අවදි කලා.

ම්...හායි.
මම හායූන්...චෝයි හායූන්

ඔයා වගේම ලස්සන නමක්...හායූන්.
නයිස් ටු මීට් යූ.

මාත් එක්ක හෑන්ඩ්ශේක් කරන්න එයා මගෙ පැත්තට අත දික් කලා.ඒ සිනිදු දිගු ඇගිලි තුඩු සීතලට රෝස පාට වෙලා.මගෙ අතේ රළු ගතිය ඒ අතට බර වැඩිදෝ කියා හිතුනෙ නැතිවම නෙවේ.හෑන්ඩ් ශේක් කලේ නැතොත් හිත රිදවගනී කියන බය නිසාම මම හරි පරිස්සමින් හෑන්ඩ්ශේක් කලා.

එයා හිනාවුනා...ඒ හිනාවෙ කිසිම ව්‍යාජ බවක් ගෑවිලාවත් තිබ්බෙ නෑ...හුගක් අවංක කතාබහක්....

ගොඩකාලෙකට පස්සෙ කෙනෙක් මට ලස්සනයි කියලා කිව්වමද කොහෙද...මොකද කිව්වොත් ඔම්මා අප්පා හැරුනම අනිත් හැමෝටම වගේ පෙනුනෙ මගෙ අඩුපාඩු විතරමයි.

ඔ..ඔයත් මෙහෙද ඉන්නෙ...මං කලින් ඔයාව දැකලා තිබුනෙ නැහැනෙ.

මං ඒ ගෑනු ලමයගෙන් ඇහුවෙ මීට කලින් කවදාවත්ම එයාව දැකලා නොතිබ්බ නිසා.
හොස්ටල් එකට ඇවිල්ලත් දැන් මාස දෙක තුනක්ම වෙන එකේ එකදවසක් හරි දැකලා තියෙන්න ඕනෙනෙ...

🌼𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙅𝙖𝙨𝙢𝙞𝙣𝙚🌼✅Where stories live. Discover now