𝙿𝚁𝙾𝙻𝙾𝙶𝚄𝙴 🧚🏻‍♀️🌷

98 25 0
                                    

හිම පියලි එක දිගට මගේ ශරීරයට පතිත වෙද්දි මම හිමීට සුදු පාට අහස දිහා බැලුවා....

යන්තමින් වැටෙන හිරු එළියට මගේ ඇස් නිලංකාර වෙද්දි මම ආය පාරක් සුදු හිමෙන් වැහුන පාරට මගේ අවධානය දුන්නා....

මම හිමීට මගේ කන් වලින් මගේ වටපිටාවට අවධානය යොමු කරේ මට කිසිම දෙයක් පැහැදිලි ව පෙනුන නැති නිසා...

ඒත් එක පාරටම කොහෙන්ද මන්දා දුවගෙන ආපු කෙනෙක් ව මගේ ඇගේ වැදිලා බිම වැටුණා. මට ඒක හොඳටම දැනුනා....

මම මගේ සැරයටියත් ආපහු අරගෙන හිමීට අත් විහිදවමින් වැටුණ කෙනාව හෙව්වා....
සීතල හිම මගේ අත් වලට දැනෙද්දි මාව වෙව්ලලා ගියත් මම ඒ කෙනාව දිගටම හෙව්වා .....

මට එක පාරටම අහු උනේ හරිම සොෆ්ට් දෙයක්... හරියට ජම්බු ගෙඩියක් වගේ.... මම ටිකක් ඒක තද කරහාම මට කෙනෙක් ගේ පුංචි කෙදිරියක් ඇහුණා...

" ම්හ්.... "

මං එකපාරටම මගේ අත අහකට ගත්තේ මම අල්ලලා තියෙන්නේ එයාගේ සොෆ්ට් නහය කියලා....

එයාගේ පුංචි සද්දෙන් මට තේරුනේ එයා ගෑණු ළමයෙක්... දඟකාර ගෑනු ළමයෙක් වගේ....

හිම පියලි වැටෙන එක කාලෙක සිද්ධ වෙන එක් දෙයක් මගේ අදුරු ජීවිතයට ආලෝකයක් උනා.... 🧚🏻‍♀️🌷

සමහර විට මේක වෙනස් වෙයි...... අනිත් කතා වලට වඩා....

𝚂𝙸𝙻𝙴𝙽𝚃 𝙰𝚄𝙶𝚄𝚂𝚃 [ 𝙼𝚈𝙶 ] ✔️Where stories live. Discover now