08 🧚🏻‍♀️🌷

49 20 0
                                    

මට හිතෙනවා මට එයාව හම්බුනා කියලා... අවුරුදු ගානක් හොයපු මගේ අයියා.. මගේම ලේ තියෙන එකම කෙනා...

ඔව් ඒ මින් යුන්ගි....

අන්ධයෙක් උනත් ඒ මගේ අයියා.... මං පොරොන්දු උනා එයාට මේ ලෝකේ දකින්න සලස්වනවා කියලා...

මම ඩොක්ට කෙනෙක්... ඉතිං මට පුළුවන්.... එයා වෙනුවෙන් මට ඒක පුළුවන්...

දැනට හරියට මාස දෙකක් අපි හම්බෙලා...

එදා ඉදන් මම එයාට පෙනීම දෙන්න බෙහෙත් කරනවා... ඒත් මම අසාර්ථකයි... තාමත් එයා අන්ධයි....

මට මං ගැනම මහා ලොකු අසරණ කමක් දැනෙද්දි හැමදාම එයාගේ උණුහුම මාව සැනසෙව්වා...

" දුක් වෙන්න එපා සේහා.... කවුරුත් නැති මට ඔයා ඉන්නවානේ.. අන්ධ උනත් ඔයා මගේ නංගි කියලා මම දන්නවනේ.... සොෆී ඔයා මේ හැම දේම මට දෛවය දීපු තෑගි...

එතකොට මගේ ඇස් නොපෙනෙන කාලකණ්ණිකම මට දෛවය කරන සරදමක් වගේ...... "

කවදාවත් කඩාගෙන නොවැටුණු හිතක් හිමි අයියා කෙනෙක්... ශක්තිමත් උත්සාහවන්ත අයියා කෙනෙක්....
හරියට ශක්තිමත් අත්වැලක් වගේ.. 💫❤️

𝚂𝙸𝙻𝙴𝙽𝚃 𝙰𝚄𝙶𝚄𝚂𝚃 [ 𝙼𝚈𝙶 ] ✔️Where stories live. Discover now