🐶 බල්ලහ් 🐶

31 7 1
                                    


මේ......ළමයි......😁
ඉතින් කොහොමද සැප සනීප.....😁

හම්මා ගොඩ කාලෙකට පස්සේ අද තමා ගෙදර ඉන්නේ..

දැනෙන සනීපේපේපේපේපේපේපේපේපේපේපේ....😁

හැබයි අදනම් මමීස් ගිණිකන්දත් චූට්ටකට කලින් පිපිරිලා ගියා....😕

ඇද ළගට ඇවිත් ඉණට අත් දෙක තියාගෙන මොනාද මොනාද කිව්වා ළමයි දැන් කන් දෙකම අගුල් වැටිලා කියන්නකො.....☹️

හොද වෙලාවට අම්මගෙ හෙවනැල්ල දකිද්දිම ෆෝන් රාජයා කොට්ටෙ යටට සේප් එකේ රිංගුවා 😁

ඒක නෙවේ අනේ වැඩේ......

අද මං අපේ බල්ලාව නෑව්වානෙ.....
හුම්ම්.....😋

සාමාන්‍යයෙන් උගෙයි මගෙයි ගණුදෙනුවක් නෑ.....
ඒත් ඕකා හින්දා ඊයෙ මං මිදුල මැද්දෙ පතබරියං උනා.....😒
වල් බල්ලා ඕකව ලෙහුවාම ආයෙ ගැටගහන්න අල්ලගන්න හෙන ගේමක් දෙන්නෝන....😒
ඌ ස්වාමියා කියන කිසි දෙයක් අහන්නෑ ඌ හරියට අපේ ස්වාමියා වගේ තමා වැඩ......😒
කැහැටු බල්ලා ජාති ජාතිත් ඌ වගේ බල්ලෙක්නං එන ආත්මෙට එපා......😒

ඉතින් ළමයි.....
ට්වීටිට පුලාන්ද ඌ කළ කැත වැඩේට පනිශ් නොකර ඉන්න......😋

No way.... No way....

බුහ් හහ් හා.....😈

මං ඌව අද නෑව්වා....
හොදට නෑව්වා......😈

පිළිකන්නෙ ලැට් වල උඩටමයි අරන් ගියේ.....
බිකෝස් ඊට එහායින් තමා අපේ කුණුදාන තැන තියෙන්නෙ......😈
ඌ ආසම නෑ එතෙන්ට.......😈

ඔයාට කියන්න ළමයි පොර හරියට වලව්වෙ හාමු වගේ......😒
සතියකට දෙපාරක් නාවන්නෝන.....😒එක වැලි කැටයක් නොතියෙන්න එයාගෙ බිම ක්ලීන් වෙන්නෝන.....😒 නිදාගන්න හොද සිනිදු රෙද්දක් දෙනකන් උඩුබුරලනවා නවත්තන්නැතුව......😒
ගදට ඉන්න බෑ ගද තියෙන තැන්වල ඉන්නෙත් නෑ......😒
උගෙ තියෙන්නෙ මහ &%$@* ගතිගුණ .....😒

මට ඌව පේන්න බෑ ඌට මාව පේන්න බෑ.....ගස් බල්ලා....😒

පොර මාත් එක්ක නයි වෛරයි....
ඒකට හේතු තියෙනවා ඒත් ඒවා කිව්වොත් මගේ ප්‍රතිරූපෙට හානි වෙනවා 😁

කොහොම උනත්......
මං ඌට අද ඇඩෙන්න දුන්නා වැඩේ....😈

ශීතලම ශීතල වතුරෙන් රින්සො දාලා හේදුවා.....
ශැහ්... බලන්න ලස්සනයි පෙණ බුබුළු අහසෙ පා උනා.....
බල්ලා හූ තිව්වා මං හිනා උනා.....
හම්මේ සැප 😈

රස කතා with meWhere stories live. Discover now