කතාව 👉👈

320 71 24
                                    

රෑ එළිවෙනකම් ම දෙයක් කල්පනා කරත් මට කිසි දෙයක් මතක් වුණේ නෑ.. ඔන්නිට කතා කරත් එයාගෙ පෝන් එක වැඩ කරේ නෑ.. සදීටත් වැඩ නේ.. කෝම හරි උදේ නැගිටලා white colour maxi dress එකක් ඇදගෙන simple makeup එකක් දාලා මං ලෑස්ති වුණේ කෝම හරි වැඩේ කර ගන්න යන්න..

මං කාර් එකට නැගලා දෙයියෝ බුදුන් ඔම්මා අප්පා සේර ම සිහි කරලා drive කරේ අද වැඩේ කෝම හරි කර ගන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරන ගමන් .. ටික වෙලාවකින් ඒ මනුස්සයගෙ ඔෆිස් එක ඉස්සරහට ආවත් රෙසිප්ෂන් එකෙන් මට ඇතුළට යන්න බලන් ඉන්න වුණා.. අප්පා මාව CEO කරා නම් මෙහෙම දුක් විදින්න ඔනි නෑනේ...

කෝකටත් මං මොලේ පාවිච්චි කරලා Miss. Park නොකියා සෝ නා කිව්වේ මනුස්සයා නමින් මාව දැන ගත්තොත් කෙලින් ම පන්නනවා කියලා දන්න නිසා.. විනාඩි දහයක් විතර ඉදලා මට ඇතුළට එන්න කියලා කියද්දි මං හැදිච්ච ගෑණු ළමයෙක් වගේ ඇතුළට ගියේ හරි ම සංසුන් ව...😁

අන්‍යොන්සෙයෝ ... මං ඔලුව නවලා ආචාර කරන ගමන් කියද්දි ...

අන්‍යොන් ... බිම බලන් ඉන්නෙ ඇයි.. කෙලින් බලලා කතා කරන්න මම කන්නෙ නෑ.. එයා හිනා වෙලා කියන්නේ කියලා මට තේරුණා.. මං ඔලුව උස්සලා එයා දිහා බලද්ද් මූණ කොරොස් කටක් වගෙ වුණා.. මොනා කරන්න ද මං පුලුවන් තරම් බොරුව දාලා හිනා වුණේ කොම්ලා කල්න්තේ දාන සයිස් එකට.. ඒ එක්ක ම මං...

හී.. අහන්නකො මට කියන්න දෙයක් තියේ...

ඔයා.. යනවා.. දැන් ම මම යනවා...

අ..හ්.. අහන්නකෝ.. මං කියන දේ.. ඇත්තටම මට සමාවෙන්න ... ප්ලීස්....🥺

නෑ මට අහන්න ඕනි නෑ යන්න එළියට.. කියන ගමන් ඒකා යන්න හදද්දි මං ඉක්මනට අතින් අල්ල ගෙන..

අනේ.. ප්ලීස්.. පොඩ්ඩක් මං කියන දේ අහන්න.. මං ඇස් ලොකු කර ගෙන අඩන්න වගේ කියද්දි විනාඩි දෙකක් විතර අහක බලන් ඉදලා...

මොනා ද කියන්න තියෙන්නේ...

වැඩි දෙයක් නෑ.. මේ ෆයිල් එක sign කරලා දෙන්න.. ප්ලීස්...

ම්..ම්ම්වෝ..

මේක හ්ම්.. මං එයාට ෆයිල් එක පෙන්න ගමන් හිනා වෙලා කිව්වා...

This Is Not A Marriage ( Completed )Where stories live. Discover now