01

1.6K 133 8
                                    

"ඔයාට මොකක්ද වෙන්න ඕන?"

මම ගියේ psychologist කෙනෙක් ළගට. හේතුව මොකක් වෙන්න පුළුවන් ද? ඔයාලා නොදන්නවාට මටම තේරුනා මම වෙනස් කියලා...

" මට ඕන ඇත්තටම මම හොදින් ද කියලා දැනගන්න"

" ඉතින් ඇයි ඔයා එහෙම හිතන්නේ?"

" මම දන්නේ නෑ. දන්නේ එක දෙයයි. පුංචි කාලේ ඉදන්ම මම අසාමාන්‍යයි කියලා මට ගොඩක් අය කිව්වා. ඉතින් මට ඕන ඒක ඇත්තටම මානසික රෝගයක් නම් ඒකට බෙහෙත් ගන්න"

" හොදයි . ඇත්තටම මට දැනගන්න පුළුවන් ද එහෙනම් මිනිස්සු ඇයි ඔයා අසාමාන්‍යයි කියන්නේ කියලා?"

" පුංචි කාලේ මම ගොඩක් වෙලාවට ආස කළේ සෙල්ලම් බෝනික්කන්ට නෙවෙයි කහ පාට කාර් එකකට. මට අවුරුදු 15 වෙනකොට කොල්ලො දැක්කම ආකර්ෂණය වෙන්න පටන් ගත්තා. ඒක සාමාන්‍යයි මම දන්නවා. ඒත් ඊටපස්සේ මට තේරුණා ඒක එහෙම නෙමෙයි කියලා. මම කෙල්ලො දකිනකොටත් එයාලා දිහා ගොඩක් වෙලා බලන් හිටියා.එයාලගේ ඇස් දිහා කෙලින්ම බැලුවා හරියට මගේ දෙයක් හොයන්න වගේ..මම වෙනස් වෙන්න පටන් ගත්තේ එතන. කෙල්ලෙක් දැකලා එයා මාව ළගින්ම දන්න කෙනෙක් වෙලා මාත් එක්ක ඉදීවි කියන මනෝ ලෝකෙට මම එන්න පටන් ගත්තේ ආකර්ෂණීය කෙනෙක් දෙපාරක් තුන්පාරක් දැක්කම. එයාලා කොල්ලො නෙවෙයි එයාලා කෙල්ලො! මට කොල්ලො දකිනකොට නැති උනන්දුවක් කොණ්ඩේ කොටට කපපු කෙල්ලෙක්ගෙන් දැක්කා. මම ඒ ගැන බය වෙන්න පටන් ගත්තේ හරියටම අවුරුදු දෙකකට කලින්. ඒ මම කෙල්ලෙක්ට ගොඩක් ළගින් හිටිය දවස"

" ඉතින් එදා මොකද උනේ?"

" එදා... මම මාව තේරුම් ගන්න උත්සාහ කලා. ඉන්න මම ඒ කෙල්ලට විහංගි කියලා කියන්නම්..."

Bi | GL ✓Where stories live. Discover now