09

671 95 17
                                    

එතනින් පස්සෙ ගෙවුණෙ හරි අපහසු කාලයක්  එයාගේ කට වැහිලා ගිහින් ඇස් සැරින් සැරේ මගේ දිහාවට නැවතිලා තිබුණේ. මට ඕන උනත් එයා දිහා බලන්න මම එහෙම කලේ නැත්තේ එයා එතකොට අහක බලාගන්න නිසා. කොහොමහරි ඩිනර් එකත් අරගෙන ඉවර උනාම මම හැමෝටම එස්කියුස් කරලා එතනින් ආවේ එයාටත් එන්න කියාගෙනමයි.

සමහරවිට හැමදේම මෙතනින් ඉවර කරන්න කාලේ හරි

මගේ හිත කිව්වෙම ඒක. අපි දෙන්නා හිටියේ පොකුණ දිහා බලාගෙන. එයා සැරින් සැරේ මං දිහා බැලුවත් මම හිටියේ ඈතින් පිපිලා තියෙන කඩුපුල් මලට වශී වෙලා..

කඩුපුල් මලටත් පාළු හිතෙන්නැති
තරු තනිකරලා හදත් අද බෑරක් ගිය නිසා...

"ඔයාට කොහොමද? " මම මුලින්ම කතා කරන්න පටන් ගත්තා. එයා මගේ දිහා බැලුවා මාත් බැලුවේ මට මගහැරුණු ඒ රූපය විද ගන්න.

"මාව තනිකරලා ගිය ඔයාද මගෙන් අහන්නේ මම හොදින් ද කියලා ලිතූ?"

එයා බිම බලාගෙන ම උත්තර දුන්නා. අදටත් ඒ කදුළු මාව රිද්දනවා.

" මම සමාව ඉල්ලන්නේ නෑ විහංගි. ඒකට මම සුදුසු නෑ කොහෙත්ම"

" ඔයා හරි සමාව ඔයාට ගැලපෙන්නේ නෑ"

" ඉතින් තිනුර එක්ක ජීවිතේ කොහොමද?"

එයා මගෙන් අහපු ප්‍රශ්නය කොච්චර සරල උනත් ඒ ප්‍රශ්නය හරි අමාරුයි මට.

" හොදයි."

" ඔයා ඇත්තටම සතුටින් ද ලිතූ?"

මම බලන් හිටියේ මේ ප්‍රශ්නය කවුරුහරි මගෙන් අහනකම්. මම සතුටින් ද? ඇත්තටම සතුටින් ද? ඔහේ බිත්ති හතරක් ඇතුලෙ ගෙවන මේ ජීවිතේ සතුටක්ද?

" ඔයා නැතුව මගේ හිතේ සතුටක් තිබුනෙ නෑ විහංගි ඒ්ක එදත් එහෙමයි අදත් එහෙමයි"

මම හිනා උනා. අවංකවම මම පළවෙනි වතාවට හිනාවෙන්න ඇති.

" ඇයි අපිට මෙහෙම උනේ ලිතූ? මම එදායින් පස්සෙ කොච්චර දුක් වින්දද? ඔයාව මගහරින්න.? ඔයා නැතුව ඉන්න? ඒක හරි අමාරු කාලයක්. "

Bi | GL ✓Where stories live. Discover now