08

479 76 4
                                    

" ලිතාරා!"

ලෑස්ති වෙලා පහළට එනකොටත් තිනුර හිටියේ කෝල් එකක. මාව දැකලා එයා පුදුම උන නිසා මම බැලුවේ මගේ ඇදුමේ ඇදයක්වත් තියෙනවා ද කියලා දැනගන්න. හයි නෙක් දිග ගවුමක් ඇදලා සිම්පල් මේකප් එකක් දැම්මෙ වෙනදා වගේම පාටියකට යනවා නම් පිළිවෙළට නැත්තම් තිනුරගෙ නම කැත වෙන්නෙ නැති විදිහට යන්න ඕන නිසා. ඒක තිනුරම මට දාපු නීතියක්.

" හොදට මතක තියාගන්න ලිතාරා ඔයා ඉස්සර කොහොම හිටියත් දැන් මගේ වයිෆ්. ඉතින් මාත් එක්ක යන ඕන තැනකට පිළිවෙලට සංවරව අදින්න පළදින්න පුරුදු වෙන්න. ඔයා නිසා මම මෙච්චර කාලයක් රැකගෙන ආව මගේ තත්වය නැති කරගන්න මම ආස නෑ. "

මම තවත් කොල්ලෙක්ගේ වචනයකට යටත් වෙන්න පටන් ගත්තේ එදා ඉදන්. කොහොමත් මට කියලා කවුරුත් නැති වෙද්දී මම ජීවත් වෙන්න තියන ආසාව නැති කරගෙන හිටියේ.

"ඇයි?"
මම ඇහුවේ තිනුර තාම මං දිහා බලන් ඉන්නවා දැකලා.

"ඔයා ලස්සනයි අද"
තිනුර කිව්වෙ මං දිහා බලලා ලාවට හිනාවෙලා ඒත් මම හිනා උනේ නෑ. මොකද ඔය ලස්සන රූපෙට විතරයි. එයා ආයෙමත් මොනාද මතක් උනා වගේ මාව මගහැරලා එළියට යද්දී මාත් එයා පස්සෙන් කා එකට නැග්ගා. අන්තිමට කිසිම කතා බහක් නැතුව අපි දෙන්නා අදාල තැනට ආවා.

අනික් අයට පේන්න මගේ පැත්තෙන් කා ඩෝර් එක ඇරලා දුන්න තිනුර මාවත් එක්කගෙන ආවේ ඒ ගෙදරට. අනික් ගෙවල් වගේ තට්ටු තුන හතර වෙයි කියලා හිතුවත් ඒක හරි සිම්පල් ගෙයක්. ගෙදරට වටා විශාල මිදුල . මිදුලෙ දකුණු පැත්තෙන් තියෙන පොකුණ මගේ හිතට ගෙනාවෙ හරි නිස්කලංක බවක්.අපි ගෙදරට ආවා කියලා දැනගත්ත ගමන් එකපාරටම දුවගෙන ආවේ ගෑනු ළමයෙක්.

" තිනුල මාමා"

මම බැලුවේ තිනුරගේ දණහිස බදාගන්න පුංචි කෙල්ල දිහා. ලස්සන කැරලි කොණ්ඩයක් තිබ්බ එයා හරි හුරතල්. මගේ මූණෙ හිනාවක් ඇදෙන්න ඇති ඒත් එසැණින් ඒක මැකිලා ගියේ ගේ ඇතුලේ ඉදන් ආව කෙනා දැකලා..

" හම්මෝ බොසා.. හව් ආර් යූ? තමුසෙව අල්ලගන්න හෙන අමාරුයිනේ බං. ඉතින් කොහොමද? වරෙන් ඇතුලට එළියෙ ඉන්නෙ නැතුව. කෝ බං උඹෙ වයිෆා?"

Bi | GL ✓Where stories live. Discover now