03

749 112 13
                                    

"උඹලාට අද ඉගැන්නුවේ නැද්ද?" මගේ යාළුවා එහෙම කියාගෙන ආවාම මම කරේ ඒකිගේ බෑග් එක ඇදලා කන්න තියෙන දේවල් හොයපු එක.

" නෑ අද ළමයි කවුරුත් නැති නිසා මම ලැබ් එකට ගිහින් හිටියා"

" අඩෝ සිරාවටම. ජොලි ඇති නේ?"

කවුරුහරි ගෙනත් දුන්න ටොෆි දෙක තුනක් එක්ක ඊයේ පෙරේදා කාපු චොක්ලට් කොලයි ශොපින් බෑග් දෙක තුනකුයි මම බෑග් එකෙන් එළියට ගත්තා.

" ඔව් . සෝඩියම් කෑල්ල දකිනකොට හිතෙන්නේ ගෙනල්ලා උඹේ කටට ඔබන්න"

මම එහෙම කියද්දි වටේ පිටේ ඒක ඇහුන ළමයි හිනා වෙද්දි අරකි අතේ තිබ්බ ෆයිල් එකෙන් මට තඩි බෑවා.

" මරු විහිළුව"

" ළමයි කෑ ගහන්න එපා නෝට් එක ලියන්න!"

මං දිහා බලන් ඉදලා එහෙම කියපු විහංගි ගස්සගෙන ආයෙමත් එයාගේ තැනට යද්දී හිනාව හිර කරන් ඉන්න යාළුවාව දැකලා මට ඌව මරන්න හිතුනා.

" මොකද උඹ ?"

" මොකුත් නෑ"

" පේනවා"

ව්‍යාපාර ගිණුම්.. ? යාළුවාගේ පොත අරන් මං ඒක කියවද්දී මෙලෝ හසරක් තේරුනේ නැති හින්දා මට මෙතනින් යන්න ඕන උනා.ඒත් එයා දිහා බලන් ඉන්න ඕන.

" මේවා කරන්නේ බැංකු යන්නද බං ඉතින්?"

මම යාලුවාගෙන් අහනකොට ඒකි නැත්තම් කියලා මොනවාදෝ ලියන්න පටන් ගත්තා. කම්මැලි නැද්ද ඔයාලට. මට මේ වෙලාවේ චුත වෙලා යන්න ඕන වගේ.

" ආ....යුබෝ...වන් සර්"

හරිම සතුටුයි . කවුදෝ කණ්ණාඩි දාපු සර් කෙනෙක් පන්තියට එනකොට පැනගන්න බැරුව මම යාලුවාගේ මූණ බැලුවා.

" කවුද බං මේ?"

" අකව්න්ටින් සර් බං"

ස්මයිල් ඉන් පේන් එහා ගෙදර ලැසී ආන්ටි වර්ෂන්. මම තමයි නැගිටගෙන ඉන්නකොට පැනගන්න හැදුවේ ඒත් ළමයි ටික එකපාරටම වාඩි වෙද්දී හිටගෙන හිටිය මම විතරක් එතන කණුව වගේ බලන් හිටියා.

" ඔය ලමයා කවුද?"

" ....."

" මේ පන්තියේ ද?"

Bi | GL ✓Where stories live. Discover now