07

547 78 9
                                    

"සුගත් මට සමාවෙන්න.. මම ඔයාට ආදරේ කලේ නෑ"

මම හිටියේ පුස්තකාලෙ. පොත් කියවන්න තියා ඒ ගැන හිතන්න වත් අකමැති මම පුරුද්දක් කරගත්තෙ ලයිබ්‍රි එකට යන්න. සෑහෙන පොත් ගොඩක් අස්සෙන් ගොළු හදවත අහම්බෙන් කියවපු මම දම්මිට දොස් පැවරුවා. ඒත් ඩොක්ටර් දන්නවද මම අවසානය කියෙව්ව නම් ඒ දම්මි මම නේද කියලා හිතිලා මටම අනුකම්පා කරයි.

විහංගි ඔනෙත්මා අන්තිමට ඉස්කෝලෙ ඇවිත් දැන් මාසයක් වෙනවා. අන්තිමට කොමස් එකයි බයෝ එකයි තරහා කරවලා ඒ වැරැද්ද මගෙ පිට පටවලා එයා අතුරුදහන් වෙලා. ඒත් මම සැක සහිත ඇස්වලින් බේරිලා ඉන්න නොසෑහෙන්න මහන්සි වෙනවා.

" එයාට මොකද උනේ ?"

"මම දන්නෙ නෑ ඩොක්ටර්. එදා ඉඳන් මම එයාව දැක්කෙ නෑ"

මට අමතක උනා මම ඉන්නෙ මානසික රෝගී ඒකකයේ ප්‍රතිකාර ගන්න ගමන් කියලා. තාමත් ඒ ඇස් ඒ හිනාව මැවිලා පේනවා. කාලෙකට කලින් ආපහු එන්නෙ නෑමයී කියපු මේ හොස්පිටල් එකට මම ආවා. ඒත් එදා වගේ සුදු පාට කාමරයක ඉන්න ලැබුනෙ නැති එක ලොකු දෙයක්.

" මිසිස් ඒකනායක මම මේ දෙන බෙහෙත් ටික වෙලාවට බොන්න. තව නිදි වරන්න එපා. ස්ට්‍රෙස් වෙනවා වගේ නම් මානසික සුවය වෙනුවෙන් පොඩි වෙනසක් විදිහට කොහෙහරි යන්න නැත්තම් ගේම් එකක් ප්ලෙ කරන්න.. උදව්වක් ඕන උනොත් මට කියන්නකෝ"

" හරි ඩොක්ටර්"

ඩොක්ටර් තුණ්ඩුව දුන්නම මම ඒක අරගෙන හැරිලා ආවත් දොර ළගදී නැවතුනෙ ඩොක්ටර්ගෙ කටහඩට.

" ආදරය කියන්නේ ලෙඩක් නෙවෙයි ලිතූ. ඒක පාඩමක්.. සමහරවිට ඒ පාඩමින් එදා ඔයාට වඩා විහංගි හොද පාඩමක් ඉගෙනගන්න ඇති..ඔයාට නොතේරුනාට අපිට ආදරේට ඇබ්බැහි වෙන්න පුළුවන්. ආදරේ කරන කෙනාට ඇබ්බැහි වෙන්න පුළුවන් ඒත් ආදරේට ආදරේ කරන එක අමාරුයි. බුදු සරණයි"

ඩොක්ටර්ගෙ වචන අමතක කරන්න බැරි උනත් මම බෙහෙත් ටික අරගෙන එළියට ආවෙ කාර් එක ළගට වෙලා එයා බලන් ඉද්දී.

" යමු "

මම කියද්දී මගේ දිහා බැලුවෙවත් නැති තිනුර කාර් එක ස්ටාට් කරලා පාරට දැම්මා.

Bi | GL ✓Unde poveștirile trăiesc. Descoperă acum