02

1K 110 11
                                    

විහංගි අපේ ඉස්කෝලේ හිටිය ළමයෙක්. කොටින්ම මගේ තරහා කාරයෙක්. මම එතකොට 12 වසරේ. එයා කොමස් මම බයෝ. අපේ පන්ති තිබ්බේ මූණට මූණ. ගොඩක් වෙලාවට සිරිධම්ම බ්ලොක් එක අයිනේ තියෙන එයාගේ පන්තිය දිහා දිග්විජය බ්ලොක් එකේ කොනේ පන්තියේ මම බලන් ඉන්නවා. එදා අපේ පන්තියේ ෆිසික්ස් සර් ප්‍රැක්ටිකල් එකකට අපිව එළියට ගත්තා. තරංග අත්හදා බැලීමක්. මට හරියටම මතකයි එදා මම විතරයි පන්තියේ හිටියේ. මොකද මම හිටියේ පීරියඩ්ස් වල. මට එළියට යන්න බෑ කියලා මම ඇතුළට වෙලා හිටියා. සාමාන්‍යයෙන් කොමස් අයයි බයෝ අයයි වළි අදින්නේ එකම කොරිඩෝ එකකට. එකම සින්ක් එකකට . එකම දොරකට. බොලදයි වගේ පෙනුනට ඒක ටිකක් සාමාන්‍යයි.

එදා මම ඔළුව තියාගෙන ඉන්නකොට පන්තියට ළමයෙක් ආවා.

" එස්කියුස් මී සරත් සර් කොහෙද?"

" ලැබ් එකේ"

" ආහ් තැන්ක් යූ"

අමාරුවෙන් හිටියට මම එයාගේ මූණ බැලුවා. මුලින්ම බැලුනේ ඇස් දෙක. මම කලිනුත් කිව්වේ මම හැමෝගෙම ඇස් දිහා
කෙලින්ම බලනවා කියලා.එයාගේ ඇස් තද දුඹුරු පාටයී. ලස්සනයි..

ගොදුරකට බලන් ඉන්න කොටියා වගේ එයාගේ කොට කොණ්ඩේ පද්දගෙන දුවන එයා දිහා මම බලන් හිටියා. එයා ගියේ කොමස් පන්තියට. ඔව් එදා මම දැනගත්තා කොමස් එකේ මගේ යාළුවා කිව්ව ගෝතමී එකේ ඉදන් ආව අලුත් ළමයා එයා කියලා.

අසාමාන්‍ය දේවල් වෙන්න පටන් ගත්තේ ඊටපස්සේ. මම මැඩම් කෙනෙක්ගේ පණිවිඩයකට කොමස් පන්තියට ගියා. හැබැයි යනකොටත් පන්තිය ඉස්සරහට වෙලා එයා පාඩමක් කියවන ගමන් හිටියේ

" එස්කියුස් මී මැඩම්. දන්දෙණිය මැඩම් කිව්වා ..."

" ආහ් හරි පොඩ්ඩක් ඉන්න. විහංගි!"

" මැඩම්"

" මම එනකම් ඔය නෝට් එක ළමයින්ට දෙන්න. ඉල්ලුම් න්‍යායයි , සමීකරණයයි දෙකම පිටු දෙකක ලොකුවට ඇදගන්න කියන්න"

" හරි මැඩම්"

මැඩම් මගේ පණිවිඩය අහලා යන්න යනකොට මාත් එතනින් එන්න හැදුවත් තව ටික වෙලාවක් එයා දිහා බලන් ඉන්න ඕනාවට ඒ පන්තියේ ඉන්න මගේ යාළුවා ගාවට ගියා.

Bi | GL ✓Where stories live. Discover now