06

693 101 12
                                    

ලිතාරා නිම්නාදී.. ගෙදර අය නිම්මු කිව්වට ගොඩක් අය මාව දන්නේ ලිතාරා කිව්වම...
ඉස්සර ඉදන්ම ගොඩක් දග කෙල්ලෙක් උන මම තමයි හැමෝගෙම පුංචි දගකාරිය. නැන්දලා මාමලාට විතරක් නෙවෙයි අපේ පවුලෙත් ඉපදුණ හැමෝම පිරිමි ළමයි නිසා පළවෙනි වතාවට ගැහැණු ළමයෙක් විදියට ඉපදුනේ මම. ඉතින් හැමෝම මට ගොඩක් ආදරේ කළා..

කවදාවත් කාගෙන්වත් අඩුපාඩුවක් නැති ලස්සන ජීවිතයක් ගෙවන ගමන් හිටිය මට නැන්දාගේ පොඩි පුතා ගැන පුංචිම පුංචි කැමැත්තක් ඇති උනා. එතකොට මම 8 වසරේ. මාස පහකට කලින් ලොකු ළමයෙක් උන මම සහස් අයියා ගැන හිතන්න පටන් අරන්...

එයා හැන්ඩ්සම්. 11 වසරේ හිටිය අයියා මට සැලකුවේ පොඩි එකෙක්ට වගේ. ඒත් මට නොදැනිම එයාට මගේ හදවතේ තැනක් වෙන් කළේ නොසිතූ විදිහකට... යාළුකමට එහා සහෝදර බැදීමට මෙහා නැවතුන දවසකට එක පාරක්වත් දකින්න ආස කරන මේ හැගීමට මම මහ ගොඩක් ලෝබ කළා. කොච්චර පුළුවන් උනත් හැමදාම ගණන් වරද්දාගෙන නැන්දාගේ ගෙදරට ගියේ එයා බලන්න.

එයාගේ ලොකු ඇහිබැම , අත පුරා දැලක් වගේ බැදිච්ච ඒ මයිල් , හීනි දිග ඇගිලි , ඉලිප්පෙන නහර ඇත්තටම මගේ හීන වලින් පවා මට ඔච්චම් කළේ මේ හැගීම්වලට පණ දෙමින්...

මම ඒ හැගීමට ආදරය කිව්වා. ඒ කියන්නේ මමත් කාටහරි ආදරය කරනවා?! මට එතකොට ලොකු ආරක්ෂාවක් දැනුනා.ඒක වෙනම හැගීමක්. දැනිලා තියෙනවා ද ඔයා කාටහරි හොර රහසේ ආදරය කරනකොට කම්මුල් දෙක රත් වෙනවා වගේ. මුළු ඇගම හිරි වැටිලා යන ඒ සතුට?! මම ඒ හැගීම වින්දා.. පිට කෙනෙක්ට වැඩි අවදානයක් දුන්න පලවෙනි වතාව නිසා මම එයා ළගින් හෙල්ලෙන්නෙවත් නැතුව හිටියේ එයාට ඕනාවටත් වඩා කරදරයක් වෙමින්..

ඒත් ඒ එදා දවස එනකම් විතරයි. ලා නිල් පාට ටී ශර්ට් එකක් ඇදගෙන හිටිය අයියා එදා ගොඩක් ලස්සනට හිටියා. ටික වෙලාවකින් එයා මට කතා කරේ මම කෝණමානයයි කවකට්ටයි පැත්තකින් තියලා එයාට අවධානය දෙනකොට.

" බබා! මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒත් ඔයා මේක නැන්දට මාමාටවත් අඩුම කාටවත් කියන්නේ නෑ කියලා ප්‍රොමිස් වෙන්නකෝ?"  පුංචි කාලේ ඉඳලම එයාට මම ලිතූ බබා උනේ. ඉස්සර බබා කියද්දී නොදැනුන අමුතු සතුට දැන් ඒ කටින් බබා කියද්දී දැනෙනවා.

Bi | GL ✓Where stories live. Discover now