0.9

134 42 14
                                    


එයාලා ඇවිත් තිබුනේ public Jacuzzi එකකට ... ගොඩක් couples එතන හිටියා .. යුන්ගි ගේ නම් මූණ බෙරි වෙලයි තිබුනේ ...

" ඕහ් .. "
යුන්ගි කටින් එහෙම සද්දයක් දැම්මේ මේක බලාපොරොත්තු නොවුන හැසිරීමකින් ...

" ඇයි .. ? මොනාද හිතුවේ ? "
ජීමින් ඔලුව උස්සලා යුන්ගි දිහා බලන් අහද්දි යුන්ගි කට ඉරක් වගේ කරන් ජීමින් දිහාවට හැරුනා ....

" නෑ මම හිතුවේ අපි දැන් දවස් තුනක් සම්පූර්ණ කලා නේ ... සෝ රූල්ස් වලට අනුව...... "
යුන්ගි එහෙම කියද්දි ජීමින් හිනාව හිර කරන් යුන්ගිගේ මූණට එබුනා....

" හැම දෙයක්ම නීතිරීති වලටම වෙන්නේ නෑ නේ.... "
යුන්ගි දිහා අනුකම්පාවෙන් බලපු ජීමින් හිනාව ගිලගන ඇතුලට ගියා..

°°°°°°

' Jacuzzi Booked - Park Jimin '

කියලා ගහපු ටබ් එකක යුන්ගි වගේම ජීමින් දෙන්නා මූණට මූණ බලාගන බැහැලා හිටියා.. ඒක හොට් බාත් එකක්.. ඒ වගේම ජීමින් හිටියේ එයාගේ හයිනෙක් බාත් සූට් එක ඇඳගන බෙල්ල ලඟට දිග කළු කොන්ඩෙත් පුංචි බන් එකක් දාලා ...

යුන්ගි එයාගේ කළු ශෝට් එකෙන් ම ටබ් එකට බැස්සා...
" ඔයා මාව ඒ වෙලේ සම්පුර්ණයෙන්ම නොසලකා හැරියා ... "

" අ සොරි අනේ .. මට office එකේ ගොඩක් වැඩ තිබුනා ... e mails , Calls අහ් මතක් කරන්න එපා .... "
ඇස් දෙකත් කරකවලා ජීමින් දිවත් එලියට දැම්මේ අකමැති බව පෙන්නන්න...
" ඉතින් ඔයා මොනාද කලේ අද ? "

" මම ..... අ අම් කො කොෆි ශොප් එකේ හිටියේ... Meetings තිබ්බා.. තව මම ලිව්ව එක තමා කලේ.. "

' ඕ ඔයා එයාට බොරු කියන්නද හිතන් ඉන්නේ ? '

' මම මොන එහෙකටද බොරු කියන්නේ ... ? '
එක පාරටම යුන්ගිගේ ඔලුවට ආවේ එයාගෙයි ලෙයාගෙයි අතර උන ඒ කතා බහ ... යුන්ගි ලෙයා කිව්වත් වගේම ජීමින්ට බොරු කිව්වා..

" මොකක් හරි අවුලක් තියෙනවා .. "
ටබ් එකට හේත්තුවක් දාගන ජීමින් ඔලුව ඇල කරද්දි නම් යුන්ගි ටිකක් බය උනා තමන් කිව්ව බොරුව ජීමින්ගේ හිත රිද්දලාද කියලා...

" මොකක්ද ? "

" මම කියන්නේ මේ ටබ් එකේ අවුලක් තියෙනවා .. අපි අනිත් එකට යමුද ? "
ජීමින් එහෙම කියද්දි තමයි යුන්ගි ට සැනසුම් හුස්මක් පිට උනේ...

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now