1.2

119 40 52
                                    


පහුවෙනිදා එලි වෙද්දි ජීමින් ගෙදර ආවේ තාමත් එයාගේ කහ පාට නයිට් පිජාමා එක පිටින් ....
ඇතුලට ඇවිත් දොරත් වහලා ඒකට හේත්තු වෙලත් ජීමින් තනියම හිනා උනා .. කොල්ලා හිනා වෙවීම ඇතුලට එද්දි හදිසියේම එයාගේ ඉස්සරහට ආවේ මින්‍ යන්ග් ...

" ජිමිනි ... මුළු රෑම ඔයා කොහෙද හිටියේ ... ?!"
මින් යන්ග් ගේ කෑගැහිල්ලට ජීමින් ව ගැස්සිලා ගියා ...
" ඔහ් සොරි ජිමිනි .... "
ජීමින් පපුවත් අල්ලන් ඇස් ලොකු කරන් බලන් ඉද්දි මින් යන්ග්ට හිනාත් ආවා ... එයා සමාව ගත්තේ හදිසියේම කෑගහගන පැන්න නිසා ...

" මාම් කවද්ද ඔයා ආවෙහ් ? "

" ටිකක් වෙලා වෙනවා .. ජෙකොබ් උඩට ගියා නිදියන්න ඕනියි කියලා .. "
මින් යන්ග් කියද්දි ජීමින් පැනපු ගමන් එයාගේ මාම් ගේ කරේ එල්ලුනේ මින් යන්ග් හිනාවකින් ජීමින්ව වැළදගනිද්දි ..

°°°°°°

" Tuesdays and Fridays .... ? කොහොමද මේ වගේ ප්ලෑන් එකක් ඔයාට හිතුනේ ම්ම් ? "
මින් යන්ග් එහෙම ඇහුවේ ඇඳේ ඩුවට් එකත් පොරවන් කොට්ටෙකුත් බදාගන ඉන්න ජීමින් ලගින් වාඩි වෙලා...

" මම ඉතින් ... psychiatrist ( මනෝ චිකිත්සක ) කෙනෙක් ගේ Son නේ .. "
ජීමින් ලොකු කමෙන් නිකට උස්සද්දි එයාගේ මාම්ට හයියෙන් හිනා ගියා...

" එතකොට දැන් මොකද කරන්නේ ? "

" මුකුත් නෑ මාම් .. එයා ආයේ ආවම මම කියන්න ඉන්නේ රූල්ස් අයින් කරමු කියලා .. "
ජීමින් එහෙම කියද්දි මින් යන්ග් ගේ ඇස් හීන් උනා ...

" ඔයා මොකක්ද අදහස් කලේ ජිමිනි ? "

" මාම් .. I Love him .. "
ජීමින් ගේ උත්තරේ එක්ක මින් යන්ග් පුංචි හිනාවක් දැම්මා...

" ඕකේ .. දැන් නිදියන්න ටිකක් ... "
මින් යන්ග් එහෙම කියලා ජීමින්ට ඩුවට් එකත් පෙරවද්දි එයා එහෙම්මම ඩුවට් එක අස්සට ගුලි උනා ..

කොච්චර උනත් මින් යන්ග් ගේ මූණේ තිබුනේ ලොකු වද වීමක් ... ජීමින් කියන්නේ ඉක්මනට හිත රිදවගන්න කෙනෙක් නිසාම මින් යන්ග් බය උනා ජීමින් ගැන ..

°°°°°°

ජීමින් උදෙන්ම ආවේ එයාගේ හුරුපුරුදු coffee shop එකට ...
" හායි අජුම්මා .. යුන්ගි ආපහු ආවද ? "

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now