1.4

184 45 79
                                    


අද ටේහ්‍යුන් ගේ වගේම ජන්කුක් ගේ Engagement එක ... එයාලට සුභ පතන්න ගොඩක් දෙනෙක් උත්සවේට ආවා ...

ජීමින් එක්ක ටේහ්‍යුන් හිටියේ ඩ්‍රෙසිං රූම් එකේ .. ටේහ්‍යුන් අද ගොඩක් ලස්සනයි .. එයා ආස විදියටම සුදු පාටට හුරු රෝස පාටින් ඇඳපු සූට් එක ඒ රැලි කොන්ඩේ නළලින් භාගෙකට දාලා හදලා නිසා ටේහ්‍යුන් ගේ තිබුනේ අමුතුම ලස්සනක් ....

එ වගේම ජීමින් ... එයා ඇඳන් හිටියේ තද නිල් පාටට හුරු සූට් එකක් .. ඒකේ ගියපු පුංචි ගෝල්ඩ් කලර් වර්ක් එක නිසා ජීමින්ව ගොඩක් ලස්සනට කැපිලා පෙනුනා...

එයා ටේහ්‍යුන් ගේ ඇඳුමේ අත හදමින් හිටියේ ...
" ආ .. කෝ මේ ජන්කුක් ... කොහේ ගියාද ? "
ටේහ්‍යුන් තරහින් ඔරවමින් අහද්දියි එයාට මතක් උනේ එතන එයාගේ මමී ඉන්න බව ... ටේහ්‍යුන් ට නිකන්ම බැලුනේ ඒ පැත්ත ...

එයාගේ මමී රවද්දි ටේහ්‍යුන් ඉක්මනට හිනාවක් දැම්මා...
" ආ මම කිව්වෙ මේ .. තාම නෑ නේ එයා කියලා ... "

ජීමින්ට නම් හිනා .. ඒ අතරේ ටේහ්‍යුන් ගේ යටතෙම වැඩ කරන wedding designer කෙනෙක් ටේහ්‍යුන් ගේ ටයි එකත් ටිකක් හැදුවා ...

" ජීමින් ඔයාගේ කොන්ඩේ ඔහොම නම් හරියන්නෑ ... ඉවු .. මොකක් හරි කරන්න වෙයි ... "
කිසිම දෙයක් නොකර ඔහේ නළලට වැටුන ජීමින්ගේ කොන්ඩේ අතකින් උස්සලා ටේහ්‍යුන් කට ඇද කලා ...

" ලයිලා .. මෙයාගේ කොන්ඩෙත් ටිකක් බලන්න ... "
ටේහ්‍යුන් එහෙම කියලා ජීමින්ව බලෙන්ම වගේ හෙයා ඩ්‍රෙසිං කරන පුටුවෙන් ඉන්දෙව්වා....

විනාඩි දහයක් වගේ යද්දි ජීමින්ගේ කොන්ඩේ හදලා ඉවර උනා ... බෙල්ල ලඟට දිග එයාගේ කොන්ඩේ නළල මැද්දෙන් දෙපැත්තට බෙදලා තිබුනේ නළල ලාවට පේන විදියට ...
" කොන්ඩේ වැඩේ ඉවරයි ටේහ්‍යුන් ශී ... "
ලයිලා එහෙම කියලා හැරුනේ ඩ්‍රෙසිං රූම් එකෙන් එලියට ඔලුව දාගන කාවදෝ හොයන ටේහ්‍යුන් දිහාවට ...

" ආ .. මෙච්චර ඉක්මනට ?! "
ටේහ්‍යුන් ට එහෙම කියවුනේ කලබල උන නිසා .. ජීමින් ඇස් හීන් කලා...

" අ අහ් ම් මම කියන්නේ .. ඔය බලන්න ඒ විදිය එයාට කැතයි ... වෙන ස්ටයිල් එකක් දාන්න ..
I mean මගේ යාලුවා ලස්සනට ඉද්දි ඉතින් කාටද ආඩම්බර ..  "

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now