1.3

127 43 45
                                    


මින් යන්ග් රෙදි බකට් එකකුත් උස්සගන පඩිපෙල බැහැගන එද්දි එයා දැක්කා බිම බලාගන ගෙට ඇතුල් උන ජීමින්ව ..
මින් යන්ග් ගේ ලඟින්ම පඩිපෙල නගින ජීමින් දිහා මින් යන්ග් හැරිලා බැලුවා..
" ජිමිනී .... මොකද මේ .. ? "
මින් යන්ග් අහපු ප්‍රශ්නේ ට උත්තරයක් ලැබුනේ නෑ .. ජීමින් මූණ බිමට නවාගන පඩිපෙල නැග්ගේ ඉක්මනට මින් යන්ග් ජීමින්ගේ අතකින් අල්ලගනිද්දි ...

" දරුවෝ මොකද උනේ කියන්__ "
එයා කියාගන ආව වචන නතර උනේ කදුළු පිරුන ඒ බෝල ඇස් මින් යන්ග් දිහා අසරණව බලපු නිසා...
" ජිමින්__ "
එයාට කිසිම දෙයක් අහන්න උනේ නෑ .. එයාගේ අතගසලා දාපු ජිමින් ඉක්මනට කාමරේට දිව්වෙ මින් යන්ග් ව හොදටම බය කරලා...

°°°°°°

ජීමින් හිටියේ එයාගේ රෙදි ටිකත් පැක් කරන ගමන් ... නිතරම වගේ හිස් කමින් පිරුන බර හුස්ම එයාගෙන් පිට උනා...
ඇඳුමින් ඇඳුම සූට් කේස් එකේ අහුරමින් හිටිය ජීමින් අතට ගත්තේ නමලා තිබ්බ එයාගේ jumping suit එක ..
කොල්ලට මතක් උනා එදා යුන්ගි එයාව මේ සූට් එක පිටින්ම උස්සගත්ත හැටි ... අතාරින්න කියලා ඉල්ලද්දිත් එයා තමන්ව උස්සගන ගෙදරට වෙනකන්ම ආව හැටි මතක් වෙද්දි ජීමින්ගේ ඇස් ආයෙත් බොඳ උනා....

°°°°°°

අන්තිමට ජීමින් ගියා ... ඇම්ස්ටර්ඩෑම් වලින් එයා ආයෙම ඩෙල්ෆ්ට් ගියේ මින් යන්ග් ට මේ සිද්ධිය ගැන ඔක්කොම කියලයි...
යුන්ගි එක්ක තවත් තමන්ගේ සම්බන්ධයක් නෑයි කියලා ජීමින් කියද්දි මින් යන්ග් ගොඩක් දුක් උනා... එයා දැක්කා එදා ජීමින් යුන්ගි ට ආදරෙයි කියලා තමන් එක්ක කිව්ව දවසේ ඒ මූණේ තිබුන ලස්සන හිනාව ....

අන්තිමට දෙන්නම දෙපැත්තට උනා ... ජීමින් ටේහ්‍යුන් ගේ apartment එකට ආයෙම ගියත් එයා ගොඩක් වෙලාවට කාලේ ගත කලේ සෝෆා එකේ වාඩිවෙලා කෝපි බොන ගමන් කල්පනා කරන්න ..

ඒ වගේම යුන්ගි ... හේතුවක් නොදැනත් යුන්ගි ට දැනුනේ ලොකු තනිකමක්... එයා ඉඳ හිට එදා ජීමින් එක්ක ගිය බස් එකේම එයා වාඩිඋන සීට් එකේ වාඩි වෙලා රෑ අහස දිහා බලාගන යන්න පුරුදු උනා...
ඒ වෙලාවට යුන්ගි ට මතක් උනා එයාගෙයි ජීමින්ගෙයි පළවෙනි සිපගැනීම උන හැටි...

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now