🦋.4th

1K 234 24
                                    

තේහයුන් පස්වෙනි වතාවටත් ලොකු ඈනුමක් යවන කොට ඕහානි එයාගේ නිදිමත පාට ඇස් රෝල් කරලා තේහයුන් දිහා බලලා ආපහු ටැබ් එකට අවදානේ දුන්නා....

උදේ කෑමෙන් පස්සෙ ඕහානි තේහයුන් ට ඉස්සරහට තියන තේහයුන් ගේ  ෂෙඩුල් එක පැහැදිලි කරන ගමන් හිටියේ....තව පැය දෙකකින් තේහයුන් එයාගේ ඉස්සරහට රිලීස් වෙන ඇල්බම්  එක ගැන එයාගේ fansලට පොඩි හින්ට්ස් ටිකක් දෙන්න ලයිව් එන්න ලෑස්ති වෙලා හිටියා....
ඊටපස්සේ එයාලට හවස තේහයුන් ගේ කොස්ටියුම් ඩිසයිනර් මීට් වෙන්න යන්න තිබුනා.....

දරාගන්න බැරි නිදි මතත් එක්ක ඔහේ ෂෙඩුල් එක සද්දෙට කියවන ගමන් හිටපු කෙල්ල ටිකකට ටැබ් එකෙන් ඇස් අහකට අරගෙන තේහයුන් දිහා බැලුවේ ගොරවන සද්දයක් ඇහුන නිසා.....

කට බාගෙට ඇරගෙන, බෙල්ලත් පැත්තකට ඇලකරගෙන එක කකුලක් පුටුව උඩට අරගෙන අනිත් කකුල බිම තියාගෙන තේහයුන් හිටියේ හොද නින්දක....

ටැබ් එක පැත්තකින් තියලා සද්දයක් ඇහෙන් නැති වෙන්න පුටුවේ කෙලින් වුන ඕහානි ගේ දිලිසෙන ඇස් දෙක එකසිය පනස් වෙනි වතාවටත්  තේහයුන් ගේ අලු පාට ලේන්සුවේ නැවතුනා...එයාගේ චූටි ජන්කුකී වෙනුවෙන්නේ.....

හෙමින් නැගිටලා තේහයුන් ලගට ඇවිදගෙන ගිය ඕහානි ගැස්සිලා ගියේ තේහයුන් ඇස් දෙක බාගෙට ඇරගෙන තමන් දිහා බලාගෙන ඉන්න නිසා.... ගැස්සුන පාර පපුවට අතකුත් තියාගෙන පස්සට පැන්න කෙල්ල හෙමින් හුස්ම ගන්න ගමන් සන්සුන් වෙන්න ට්රයි කලා...

ටිකක් වෙලා හැලහොල්මනක් නැතුව තේහයුන් දිහා බලාගෙන හිටපු කෙල්ල, හෙමින් ඇවිදගෙන ගිහින් තේහයුන් ගේ මූනට එබුනා... ම්හ් ඒ ඇස්වල කිසිම වෙනසක් වුනේ නෑ....

තේහයුන් ලගින් එන lavender,mix chamomile සුවද එක්ක ටිකක් වෙලා ඒ මූන දිහා බලාගෙන හිටපු කෙල්ල ඩස්ට් පින්ක් වුන තමන්ගේ කම්මුල් අතින් පොඩි කරගෙන එතනින් නැගිටලා ඉක්මන් අඩි තියලා ලොන්ඩ්රි රූම් එක ලගට ඇවිදගෙන ගියා,  ....

ඕහානී  බිම තිබුන තේහයුන් ගේ  ලේන්සුව ඇහිදින්න නැමෙනවත් එක්කම ඩෝ බෙල් එක රින්ග් වුනා.... දොර දිහා බලාගෙන ම ලේන්සුව අරගෙන පොකට් එකට දාගත්ත ඕහානි අඩියට දෙකට දොර ලගට දුවගෙන ගියේ  ගානක් වත් නැතුව නිදාගෙන ඉන්න තේහයුන් දිහා ඇස් කොනින් බලන ගමන්....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now