අංකල් ජින් එයාලා වෙනුවෙන් වෙන් කරගත්ත රූම් එකකට ඇවිත් කවුච් එකට බරවුන ජිකුක් ජෝඩුව දාහට අරගෙන නිකන් වත් දීගන්න බැරි වුන සාම්පලේට විරිත්තගෙන ඉද්දි, අංකල් ජින් කලේ එක දිගටම එයාලා තරුන කාලේ ගියපු ඇඩ්වෙන්චර් ට්‍රිප්ස් ගැන පම්පෝරි ගහපු එක.... හක්ක පැනපු අස්සයෙක් වගේ අංකල් හේසෝක් ඒ හැම එකකට ම අත්පුඩි ගගහා හිනා වෙද්දි ජන්කුක් ජිමින් දිහා බලලා ඇස් රෝල් කලා... හාහ් ඇත්ත ටම එයාට හිතාගන්න බෑ තමන්ගේ පුතාගේ ලව්ලි ඩේට් එක විනාශ කරලා දාන්න අංකල් ජින් මෙච්චර උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්නේ කොහොමද කියලා....
ඒත් එක්කමයි පොලේ ගියපු වයසක අජුම්මලා දෙන්නෙක් වගේ ජන්කුක් ගේ පපායි අංකල් යුන්ගියි රූම් එකට කඩාපාත් වුනේ....අංකල් යුන්ගි ආපු ගමන් කවුච් එකට වැටෙද්දී ජන්කුක් ගේ පපා අංකල් ජින්ව බදාගෙන කෑ ගගහා උඩ පනින්න ගත්තා.... ජන්කුක් හිටියේ ඇත්තටම මේ එයාගේ පපාද කියලා ආපහු වතාවක් හිතන ගමන්...
මොකද එයාගේ පපා ටොප් බිස්නස්මන්ස්ලා කීප දෙනා අතරේ හිටියා වුනත්, කොච්චර සුපර් ඉන්ටෙලිජන්ට් කැරැක්ටර් එකක් වුනත්, පුංචි කාලේ ඉඳලම පපා එක්ක එලියට යන හැම අවස්ථාවකම පපාව බලාගන්න සිද්ධ වුනේ ජන්කුක්ට.... පපා ඒ තරමටම childish.... ඒත් ඉතින් මමා ආසම පපාගේ ඒ විදියට කියලා ජන්කුක් නොදන්නවත් නෙවේ😌....
"එහෙනම් කොල්ලනේ ඉක්මනින් ලෑස්ති වෙමු.....!!"
අංකල් ජින් කියද්දී ජන්කුක් ඔලුව උස්සල අංකල් ජින් දිහා බැලුවා.... හැමෝටම අතේ තිබුන යුනිෆෝම් බෙදලා දීපු අංකල් ජින්, රූම් එකෙන් එලියට යන ජන්කුක්ගේ පපා දිහා බැලුවා...
"නම්ජුනා මොකුත් කඩලා බිදලා දැම්මේ නෑ නේද එතන තිබුන....!!"
රූම් එකෙන් එලියට යන ගමන් හිටපු පපා හොර පූසෙක් වගේ අංකල් යූන් දිහා බලද්දි, ජන්කුක් අත්දැකීමෙන් දැනගෙන හිටියා පපාගේ ඒ හොර බැල්ම, ඒ නිසාම හුස්මක් පහල දාලා තමන්ගේ එහා පැත්තේ තිබුන යුනිෆෝම් එක අරගෙන ජන්කුක් ත් ජිමින් ගේ පස්සෙන් රූම් එකෙන් එලියට ආවා....
"ආහ් මේවා පරන හොටෙල් නේ හෙයොන්ග් දොරවල් ගොඩක් පරනයි, නැද්ද යුන්ගි හෙයොන්ග්!!"
YOU ARE READING
🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්..... ලෝකේම දන්න ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක්...ආඩම්බර කේන්ති කාරයෙක්....කොටින්ම තමන් තරම් කෙනෙක් නෑ කියලා...