🦋.12th

840 217 31
                                    

ලන්ඩන් වලට වෙලාව පාන්දර දෙක වෙලා තිබුනත් ඕහානීගේ ඇස් වලට නිදි මතක් දැනුනේ නෑ....ඔරලෝසු කටුව වගේ ඇද පුරා එහා මෙහා කැරකෙන ගමන් ඇගිල්ලකුත් කටේ ගහගෙන ඕහානී කල්පනා කලේ දවල් වුන දේවල් ගැන... හැමදේටම වඩා ඕහානීගේ නින්ද නැති කරේ තේහයුන් ගේ දුඹුරු පාට ඇස්.... ලග ලගම  දැක්ක ඒ හීනී දිග ඇස් ඕහානීගේ ඔලුව අවුල් කරලා දැම්මා.... කවදාවත් ම ඕහානීට කිසිම පිරිමියෙක් ලග මේ වගේ ආගන්තුක හැගීමක් දැනිලා තිබුනේ නෑ ..... හොදයි අපි අමතක කරමුකෝ එයත් එයාගේ අප්පා වගේම හෙන ගහනවා වගේ දේවල් මිනිස්සුන්ගේ මූනටම කියලා දාන නිසා මිනිස්සු එයා එක්ක කථා කරන්න බයයි කියන එක 😌😌..... ඊලගට කම්මැලි පූස් පැටියෙක් වගේ එයා  හැමවෙලාවේම  කරන්නේ  අයිනක් අල්ලගෙන නිදි කිරන එකයි phone එක ඔබන එකයි කියන දේවලුත් අමතක කරලා දැම්මොත් ඕහානී කියන්නේ ලස්සන කෙල්ලෙක්..... ඒත් එයාට ආදරේ ගැන අත්දැකීම් තිබුනේ නෑ....ඔහ්  ඇත්තටම එයාට ආදරයක් ඇති වෙලා....අහංකාර හිතුවක්කාරයා කිම් තේහයුන් ගැන!!! ඒත් එයාට ඒක තේරුනේ නෑ.....

ඇද පුරා වට හතරක් පහක් කැරකුනාට පස්සේ ඕහානීට හිතුනා එයාගේ පුංචි සහෝදරයා චිම් එක්ක මේ ගැන කථා කරන්න....

"ඔහ් නූනා!!"

දෙතුන් වතාවක් රින්ග් වුනාට පස්සේ ජිමින් Phone එක ආන්ස්වර් කලා....

"චිම්!!!"

"නූනා!! හැමදේම හොදින් නේද? මොකද්ද ප්‍රශ්නේ?"

ඕහානී කථා කරද්දිම ජිමින් කලබලෙන් ඇහුවා...එයාට එයාගේ නූනගේ පුංචි වෙනසත් හරි ඉක්මනින් තේරුම් ගන්න පුලුවන්...

"චිම්!!"

"කියන්න නූනා....!!"

"ආහ් චිම් මට නින්ද යන්නේ නෑ!!"

"නින්ද යන්නේ නෑ!!"

ජිමින් පුදුම වුනා!! හොදයි දැක්කොත් ඇත්තන් අයිනක් අල්ලගෙන නිදි කිරන එයාගේ නූනාට නින්ද යන්නේ නෑලු කියද්දී පුදුම නොවී කොහොමද???....

"නූනාහ් මට මොකද්ද වුනේ කියලා පැහැදිලි කරලා කියන්න!!"

ජිමින් ඉවසීමෙන් කිව්වා....

"චිම් අද එක පිරිමි ළමයෙක් එක්ක මං ටිකක් ලගින් වැඩ කලා...ආහ් ඒ වෙලාවේ ඉදලා මගේ ඔලුව අවුල් වෙලා....මට නින්ද යන්නේ නෑ එයාව මතක් වෙනවා.....මං මොකද කරන්නේ චිම්!!!"

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now