🦋.11nth

881 209 23
                                    

ලන්ඩන් ජාතික ඩිරෙක්ටර් කෙනෙක් වුන තේහයුන් ගේ MV එකේ ඩිරෙක්ටර් වගේම staff එකත්  ගොඩක් Friendly ටීම් එකක් නිසාම shooting ගොඩක් උද්යෝගිමත් විදියට කෙරීගෙන ගියා...

අතරින් පතර ඉගිලිලා එන කුරුමිනියෙක් මැස්සෙක් දැක්කම යටිගිරියෙන් බෙරිහන් දෙන අංකල් හේසෝක් ගේ කෑ ගැහිල්ල ඇරෙන්න  පලවෙනි දවසේ ෂූට් එකට වෙන කිසිම බාධාවක් ඇති වුනේ නෑ.....

තේහයුන්  අලුත් ඇල්බම් එකේ වැඩ සේරම කම්ප්ලීට් කරලා තිබුනා වුනත් මේ MV එකේ ෂූටින්ග් නිසා ඇල්බම් එකේ වැඩ පරක්කු වෙලයි තිබුනෙ...ඒ නිසාම දවස් තුනක් ඇතුලත සම්පූර්ණ MV එකම ෂූට් කරලා ඉවර කරන්න තේහයුන් ට ඕන වුනා.....

ලොකු බාධාවක් නැතුව පලවෙනි දවසේ වැඩ ටික ඉවර වුන නිසා තේහයුන් වගේම ඕහානී හිටියේත් සතුටින්..... ඒත් ඒ සතුටට ආයුෂ තිබුනේ හරිම පුංචි වෙලාවයි.....

දෙවෙනි දවසේ ෂූට් එකට අරගෙන ගිය බඩු අතරේ අමුතු විදියේ ලොකු කලු පාට කොටුවක හැඩ පැක් එකක් තිබුනත් කවුරුත් වැඩිය ඒ ගැන හොයන්න උනන්දු වුනේ නෑ....

ලොකේෂන් එකට ඇවිත් බඩු ටික අස් කරන අතරතුරේ හදිස්සියේ දුවගෙන ආපු මිස් මරියා එතන තිබුන කලින් කියපු අර mistry පැක් එක අමාරුවෙන් උස්සන් යනකෝට ඕහානී උනන්දුවෙන් ඒ පැත්ත බලාගෙන හිටියා.....

හැමෝම එහා මෙහා දුවන ගමන් තම තමන්ගේ වැඩ වලට අවදානේ දීලා හිටපු නිසා මිස් මරියා ගැන හොයන්න කාටවත් වෙලාවක් තිබුනේ නෑ.....ඒත් තේහයුන් ගේ මැනේජර් වුන ඕහානිට ඒ වෙලාවේ විශේෂ වැඩක් තිබුනේ නෑ.....ඒ නිසා ඕහානී මිස් මරියාගේ වැඩේ ගැන උනන්දු වුනා.....

බාගයක් උස්සගෙන බාගයක් ඇදගෙන වගේ අරගෙන ගිය පැක් එක බිම තියලා එක තැනක නැවතුන මිස් මරියා ඊලගට ඔලුව උස්සල උඩ බැලුවා..... පැත්තක තිබුන ලොකු ගහේ තමන්ගේ ඔලුවට උඩින් දික් වෙලා තියන අත්ත දිහා බලලා හිනාවුන මිස් මරියා ඊලගට කලුපාට කවරේ ඇතුලට අත දාලා සුදු පාට නෙට් එකක් එලියට අරගත්තා...ඇදන් වලට දාන නෙට් එකක්....

ඕහානී කට ඇරගෙන බලාගෙන හිටියේ ඊලගට මිස් මරියා එයාගේ දැවැන්ත පංචස්කන්ධේ අමාරුවෙන් උස්සගෙන උඩ පනින්න ට්‍රයි කරන දිහා....ඔහ් එයාට නෙට් එක අත්තේ එල්ලන්න ඕන වෙලා කියලා ඕහානීට තේරුනා....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now