21

1.7K 329 109
                                    

කෑම බන්දේසියක් අතින් ගත්ත යොන්ජුන් ටේහ්‍යුන් එයාට කලින් දීලා තිබුනු කාඩ් එකෙන් දොරේ ලොක් එක ඇරියා. හිමින් ඇතුළට එබුනු එයා දැක්කා තාමත් කාමරේ මුල්ලක ගුලි වෙලා හිස් අවකාශය දිහා බලන් ඉන්න ජන්ග්කුක්ව.

දුකින් හුස්මක් හෙළපු එයා හිමින් කාමරේ දොර වහලා ජන්ග්කුක් ගාවට ගියා.

"ආ කන්න." යොන්ජුන් කිව්වම එයාව පුදුමයට පත් කරමින් ජන්ග්කුක් එයාගෙ අතේ තිබුනු කෑම බන්දේසිය අරන් කෑම ටික වේගෙන් වේගෙන් කන්න පටන් ගත්තා.

යොන්ජුන් යටි තොල හපන් බිම බලාගත්තා. ඊයෙ රෑත් නොකා හිටපු නිසා දරුවෙක් ලැබෙන්න ඉන්න ජන්ග්කුක්ට ගොඩක් බඩගිනි ඇති කියලා එයා හිතුවා.

ඒත් ජන්ග්කුක් කෑවේ එයා වෙනුවෙන් නෙමෙයි එයාගෙ කුසේ ඉන්න දරුවා වෙනුවෙන්. එයාගෙ කරුමක්කාර කමට ඒ අහිංසක දරුවා පලි නෑ කියලා හිතමින් එයා දරුවා වෙනුවෙන් මේ හැමදේම කලා. මොන දේ ඉස්සරහට සිද්ද වුනත් කුසේ ඉන්න ටේහ්‍යුන්ගේ දරුවව එයා ආරක්ෂා කරනවා කියලා එයා හිතාගත්තා.

කෑම කාලා ඉවර වුනු ජන්ග්කුක් වතුරත් බීලා ආයිත් බිත්තියට හේත්තු වුනා.

ඒත් යොන්ජුන් එතනින් යන්නෙ නෑ කියලා දැක්ක ජන්ග්කුක් එයා දිහා බලන් හිටියා.

"එයා හොඳින්ද?" යොන්ජුන් ඇහුවේ ජන්ග්කුක්ගේ කුස දිහා බලන්. ජන්ග්කුක් හිස වැනුවා.

"එ-එතකොට ඔයා?" යොන්ජුන් මේ වතාවෙ ඇහුවම ජන්ග්කුක් බිම බලාගත්තා. ටිකකින් එයා ඔලුව දෙපැත්තට වැනුවේ නෑ බව හඟවමින්.

"එ-ඒක මං හිතන්නෙ වැරදි වැටහීමක් කුක්. ඔයා ගැන හොඳටම දන්න මං දන්නවා ඔ-ඔයා ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා." යොන්ජුන් කිව්වම ජන්ග්කුක් ව්‍යාකූලව යොන්ජුන් දිහා බැලුවා.

"මොකද්ද වැරදි වැටහීම යොනී? මට සේරම කියන්න. ඔය හැමෝම මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? ඇයි ටේහ්‍යුන්ගි ඊයෙ ඒ වගේ හැසිරුනේ?" ජන්ග්කුක් අහපු විදිහෙන්ම යොන්ජුන්ට තේරුනා ජන්ග්කුක් කියන්නෙ මුකුත් නොදන්න අහිංසකයෙක් කියලා.

එයා සේරම ජන්ග්කුක්ට පැහැදිලි කරද්දි එයා පුදුමයෙන් ඒවා අහගෙන හිටියා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now