45

1.8K 338 175
                                    

"මමා!!"

විසිත්ත කාමරෙන් මතු වුනු ජන්සු කෑගහද්දි සුපුරුදු පරිදි එතන වැඩ කරමින් හිටපු ටේහ්‍යුන් උඩ විසික් වුනා.

ජන්සු කෙලින්ම දුවලා ආවේ ටේහ්‍යුන් ගාවට.

"පපා! පපා! මමා කෝ!" ජන්සු හොඳටම කලබලෙන් අහද්දි ටේහ්‍යුන් අපහසුවෙන් කෙළ ගිල්ලා.

"ජ-ජන්සු-"

"මමා"

ජන්සුගෙ මූන මේ වෙලාවෙ නම් බෙරි වුනා. ඊළඟ මොහොතේ ජන්සු එතනින් අතුරුදහන් වුනා වගේම ඊළඟට ජන්සු අඬමින් මමාට අඬගහන සද්දෙ කිචන් එකෙනුත් කාමර වලිනුත් සැරින් සැරේ ටේහ්‍යුන්ට ඇහුනා. ටේහ්‍යුන් ගොඩක් අසරණ වුනා.

එයාගෙ ඇස් වල කඳුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඊළඟට එයා දැක්කා ජන්සු ආයිත් විසිත්ත කාමරෙන් මතු වෙලා දොර දිහාවට අඬමින්ම දුවනවා.

"ජන්සු!"

"මදෙ මමා!~ මදෙ මමා කෝ~"

ජන්සු හයියෙන් ඉකිගහමින් අඬද්දි ටේහ්‍යුන් දුවලා ගිහින් ජන්සුව ගන්න හැදුවත් ආයිත් ජන්සු අතුරුදහන් වෙලා මුලු ගෙදරම ජන්ග්කුක්ව හොයමින් දුවන්න ගත්තා.

ටේහ්‍යුන්ට තවත් මේක දරාගන්න බැරුව එතනම බිම වැටිලා ඇඬුවා.

"ඔ-ඕක න්-නවත්තගන්න ජන්සු ප්-ප්ලීස්." ටේහ්‍යුන් මුමුණමින් ඇඬුවා.

ඊළඟට එයාගෙ ඔඩොක්කුවෙන් මතු වුනු ජන්සු ටේහ්‍යුන්ව බදාගත්තම ටේහ්‍යුනුත් අඬමින්ම ජන්සුගෙ චූටි ඇඟ වටේ එයාගෙ අත් යවලා එයාගෙ ඇඟට තද කරගත්තා.

"ප-පපා~ මදෙ මමා ආයිත් ජන්තුව දාලා කොයෙ ගියේ පපා~" ජන්තු කෑගහමින් ඉකිගහමින් ඇඬුවම ටේහ්‍යුන්ට තවත් ජන්සුව සනසන්න බැරි වුනා.

"අඬන්න එපා ජන්සූ." ටේහ්‍යුන්ට වෙන කියන්න දෙයක් නැතුව අසරණව මිමිණුවේ තවමත් අඬමින්.

ජන්සු ටේහ්‍යුන්ගේ ශර්ට් එක අතින් මිරිකගෙන දිගටම කෑගහමින් ඇඬුවා. ඒත් ටේහ්‍යුන්ව හොඳටම බය කරමින් ඊළඟට ජන්සු වේගෙන් හුස්ම ගනිමින් කහින්න පටන් ගත්තා.

"ජ්-ජන්සු?" ටේහ්‍යුන් හොඳටම බයේ ජන්සුව එයාගෙන් ඈත් කරලා ජන්සුගෙ චූටි පපුව අත ගෑවා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now