27

1.6K 335 135
                                    

"ආ කිම් ෆකින් ටේහ්‍යුන්! උබට ඕනෙ ජන්ග්කුක්ට ආදරේ දෙන්න නේද? පොඩ්ඩක් රොමෑන්ටික් වෙයන්කො."

ටේහ්‍යුන් හිතින් බැන්නෙ එයාටමයි. එයා හිතන් හිටියෙ අද දවස ලස්සනට ගත කරන්න. එයා ජන්ග්කුක්ව එක්කන් ගියේ ම්‍යොන්දොන් වල ශොපින් කරන්න. ඒත් එයාට යාර දහයක් විතර ඈතින් එන ජන්ග්කුක් දිහා සැරින් සැරේ බලලම ටේහ්‍යුන්ගේ දැන් බෙල්ලත් රිදෙනවා. ඒ දෙන්නට නිදහස දීලා යොන්ජුන් ඒ හරියෙම තැනක නැවතුනත් හරි ජන්ග්කුක් තවත් පිටුපසට වෙලා ටේහ්‍යුන්ගෙන් ඈත් වුනා.

ටේහ්‍යුන්ට ඕන වුනා ටිකක් එයාගෙ දරදඬු පැත්ත අඩු කරලා ජන්ග්කුක් එක්ක ආදරණීයව හැසිරෙන්න. ඒත් ඒ සම්බන්ධයෙන් මුකුත් නොදන්න එයා අසාර්ථක වෙලා තිබුනා.

එයා ඉන්නෙ කොහෙද කියලවත් නොදන්න ජන්ග්කුක් එයාට එන්න කියපු නිසා ඇවිත් දැන් මොනවාදෝ කල්පනා කරමින් බිම බලාගෙන හිමින් හිමින් අඩිය තිබ්බා. ටේහ්‍යුන්ව යම් තරමක් සාර්ථක කරමින් ජන්ග්කුක්ට කාලෙකට පස්සෙ ලොකු සැහැලුවක් දැනුනා. එයාගෙ ඇඟේ වදින සුළං, අව් රශ්මිය වගේම මිනිස්සුන්ගෙ කටහඬවල් වගේම හිනා හඬවල් එයාට අඳුර අමතක කෙරෙව්වා.

වටපිටාවෙන් ඇහෙන, දැනෙන දේවල් වල අවධානයෙන් ගිය ජන්ග්කුක් හිටිතැන නතර වුනේ කකුල් දෙකක් දැකලා. එයා කලබලෙන් උඩ බැලුවම දැක්කා ඒ ටේහ්‍යුන් කියලා.

ඒත් ක්ෂණිකයෙන් බිම බලාගත්ත ජන්ග්කුක් මොකුත්ම නොකර එහෙන්ම හිටියා.

වෙන සිහියකින් බිම බලන් එන ජන්ග්කුක්ව දැක්කම එයාව අල්ලගන්න හොඳම අවස්ථාව දැන් තමයි කියලා හිතපු ටේහ්‍යුන් මඟ නැවතිලා ජන්ග්කුක් එනකන් බලන් හිටියා.

ජන්ග්කුක් ළඟට ඇවිත් නැවතිලා එයා කියලා දන්නවා වුනත් සද්ද නැතුව හිටිය එකට ටේහ්‍යුන් දෙවියන්ට ස්තූති කලා.

ටිකක් වෙලා යනකන්ම එතන තිබුනේ අපහසු වාතාවරණයක්. කරන්න දෙයක් හිතාගන්න බැරි වුනු ටේහ්‍යුන් ඊළඟට ජන්ග්කුක්ගේ සිහින් අත අල්ලගද්දී ජන්ග්කුක්ව ගැස්සුනා. ජන්ග්කුක්ව රතු වුනේ පරණ ස්පර්ශයන් ආයිත් දැනෙද්දි. ඒත් ක්ෂණිකයෙන් දෙයක් මතක් වුනා වගේ ජන්ග්කුක් ඉක්මනින් එයාගෙ අත ඇදලා අරන් එහාට වුනේ හොඳටම කලබලෙන්.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now