31

1.8K 327 170
                                    

"ජන්ග්කුක්!!"

ටේහ්‍යුන් කෑගහගෙන දිව්වේ තාප්පෙට හේත්තු වෙලා අඩපණව වැස්සෙ තෙමි තෙමි ඇස් දෙක පියන් ඉන්න ජන්ග්කුක් ගාවට. ජන්ග්කුක් ගාවට දිව්ව ටේහ්‍යුන් එයාගෙ කෝට් එක ගලවලා ජන්ග්කුක්ව ආවරණය කරලා ඉක්මනින් ජන්ග්කුක්ව හරහට වඩා ගෙන කාර් එකට දිව්වා.

"ඔයා කාර් එක ගන්න. ඉක්මනට!!" ටේහ්‍යුන් කිව්වේ එයාලා එනකන් කාර් එකේ දොර ගාව බලන් හිටපු යොන්ජුන්ට. වේගෙන් හිස වනපු යොන්ජුන් ටේහ්‍යුන් ජන්ග්කුක්වත් අරන් ඇතුළට යනකන් දොර අල්ලගෙන ඉඳලා ඊටපස්සෙ දොර වහලා ඩ්‍රයිවින් ශීට් එක පැත්තට දිව්වා.

එයාලා ගියේ කිම් මන්දිරයට.

"කුක්ව හොයාගත්තා අපි. හැමෝම මැන්ශන් එකට යන්න. උඳුන ලෑස්ති කරලා තියන්න. ඉක්මනට." යොන්ජුන් කෝල් කරලා කියනවා ටේහ්‍යුන්ට ඇහුනා. සීතලේ වෙව්ලමින් මොනවද මුමුණන ජන්ග්කුක්ව ටේහ්‍යුන් පුලුවන් තරම් එයාගෙ ඇඟට තද කරගත්තේ ජන්ග්කුක්ව උනුසුම් කරන්න.

ඒත් ඊළඟට ජන්ග්කුක්ගෙන් වේදනාත්මක හඬක් පිට වෙනවත් එක්කම ටේහ්‍යුන් එයාව ඈත් කලා.

"අ-ආහ්!"

ටේහ්‍යුන් දැක්කා ජන්ග්කුක් එයාගෙ කුස අල්ලගෙන කෙඳිරිගාන විදිහ.

"පැටියො මොකද-"

ටේහ්‍යුන් කියන එක නැවතුනේ ජන්ග්කුක්ගේ කුස මත එයාගෙ ඇස් නැවතුන නිසා. ඇඟටම ඇලුන ශර්ට් එක තුලින් එයා පැහැදිලිවම දැක්කා ජන්ග්කුක්ගේ උදරය ගොඩක් ලොකුවෙලා කියලා. ඒ වගේම ජන්ග්කුක් එයාගෙ බඩ පිරිමදිමින් කෙඳිරිගාන විදිහ දිහා ටේහ්‍යුන් බලන් හිටියේ නළල රැළි කරන්.

පිටුපස බලන කණ්ණාඩියෙන් මේ දේ දැක්ක යොන්ජුන් අපහසුවෙන් කෙළ ගිල්ලා.

වැඩි වෙලාවක් යන්න කලින් එයාලා මන්දිරයට ආවා. ජන්ග්කුක්ව හරහට වඩා ගත්ත ටේහ්‍යුන් ඉක්මන් ගමනින් එයාව අරන් ගියේ එයාගෙ කාමරේට. දැනටමත් එයාගෙ කාමරේ හීට් එක වැඩි කරලා තිබුනා වගේම වැඩි හොඳට උඳුනත් පත්තු කරලා තිබුනා.

ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නව තනි කරලා අනිත් අය කාමරෙන් එළියෙ හිටියේ මොකක් හරි උවමනාවක් වුනොත් ඒකටත් සූදානමින්.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now