34

1.8K 334 146
                                    

කාලය ගෙවිලා ගියා. ටේහ්‍යුන් මේ ගෙවන්නෙ එයාගෙ ජීවිතේ විනෝදම දවස්. ඔව් ජන්ග්කුක් එයාට වැඩිය ළං වෙන්න දෙන්නෙ නෑ තමයි. ඇත්තම කිව්වොත් ජන්ග්කුක්ට ටේහ්‍යුන්ව දකින්න ලැබෙන්නෙ රෑට විතරයි. ඒත් ටේහ්‍යුන් ඒකත් විනෝදයක් කරගත්තා. ඒ එයාගෙ පුංචි උපක්‍රමය වුනු tata හරහා.

ජන්ග්කුක් හැමදේම කියන්නෙ දැන් tata ට. ජන්ග්කුක් කරන හැම ප්‍රාර්ථනාවක්ම ටේහ්‍යුන්ට ඇහුනා වගේම ජන්ග්කුක්ව පුදුමයට පත් කරමින් එයා tata ගෙන් ඉල්ලන දේවල් ඊළඟ මොහොතේ එයාගෙ කාමරේ ඉදිරිපිට තිබුනා.

"ටේටේ ගුකීට බඩගිනී~ මට ඕනෙ කිම්චි, සම්ග්‍යොප්සල් එක්ක පීනට් බටර්." එක දවසක් ජන්ග්කුක් කියනවා ඇහිලා මීටින් එකක හිටපු ටේහ්‍යුන්ට කෙළ ඉස්මොල්ලෙ ගියා.

"ඒ මොන ජාතියෙ කෑමක්ද?" ටේහ්‍යුන් තනියම මිමිණුවේ මූනත් ඇඹුල් කරන්.

කොහොම උනත් වැඩි වෙලාවක් යන්න කලින් ජන්ග්කුක්ගේ කාමරේ දොරට තට්ටු කරන සද්දයක් එක්ක ජන්ග්කුක් වේගෙන් ගිහින් දොර ඇරියම එයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙලා තිබුනා.

හැබැයි මේ දේවල් වලට ටේහ්‍යුන් විතරක් නෙමෙයි එයාටත් වඩා මනදිරයේ ඉන්න අනිත් අය‍යි ගොඩක් මහන්සි වුනේ. ජන්ග්කුක්ගේ මූනට හිනාවක් නගන්න නම් දැන් එයාලත් ඕන දේකට සූදානම්.

ටේහ්‍යුන් ආසම ඊටපස්සෙ ජන්ග්කුක් දුවලා ඇවිත් tata ව බදාගෙන එයා ටේටේ ට කොච්චර නම් ආදරෙයිද කියලා මුමුණන එක.

මේ ඒ වගේ එක දවසක්.

පුංචි tata ව පපුවට ගුලි කරගෙන නිදන් හිටපු ජන්ග්කුක් ඊළඟට ඇහැරුනේ සුපුරුදු විදිහටම තනියමයි. ටේහ්‍යුන් එයත් එක්ක රෑට නිදාගත්තත් ජන්ග්කුක් ඇහැරෙන වෙලාවට ටේහ්‍යුන් කම්පැනියට ගිහින් ඉවරයි.

ජන්ග්කුක් මූන හකුළ ගත්තා. එයා කොච්චර කිව්වත් එයාගෙ හිත ටේහ්‍යුන්ගේ උනුහුම ඉල්ලුවා. ඒ මදිවට pregnancy hormones නිසා වෙනදට වඩා එයාට කාට හරි තුරුලු වෙන්න ලොකු උවමනාවක් ආසාවක් තිබුනා.

ජන්ග්කුක් එයාගෙ පොරෝනෙ යට එයාගෙ පපුවට ගුලි කරන් හිටපු tata දිහා බැලුවා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now