01st Goodbye!

106 17 0
                                    

චැප්ටර්ස් ඔක්කොම අප්ඩේට් කරලා තියෙන්නේ කියවගෙන යන්න :)❤
Happy Reading 🍦
_________________________________________

"ටේ,ඇ-ඇයි කා එක මෙච්චර වේගෙන් ඩ්‍රයිව් කරන්නේ? අපිට පාටි එකට තව වෙලා තියෙනවා. ස්ලෝ කරන්නකෝ ටිකක්" ජන්කුක් කිව්වේ එයාගේ හස්බන් වෙච්ච ටේහ්‍යන්ගේ අත උඩින් තමන්ගේ අත තියලා.

මුකුත්ම නොකිව්ව ටේහ්‍යන්ග් ඔලුව විතරක් වනලා ආයෙමත් ඉස්සරහින් පේන රෝඩ් එකට අවධානය දුන්නා. ඒත් ජන්කුක් ඉල්ලුව විදිහට කා එකේ වේගේ අඩු වුනේ නැති වෙනකොට ජන්කුක්ට ගොඩක් බය හිතුනා.

ට්‍රැෆික් එක නිසා ෂෝර්ට් කට් එකකන් ඒ දෙන්නා මෙච්චර වෙලා ආවේ. ඒ පාර ගොඩක් පාලුවට ගිහිල්ලා තිබුනා වගේම පාරේ දෙපැත්තෙම පේන්න තියෙන ගොඩක් උස ගස් හිතා ගන්නවත් බැරි වේගෙකින් පහු කරගෙන කා එක ඉස්සරහට යන ගමන් තිබුනා.

"ට්-ටේ ඇයි මේ?" ජන්කුක් ඇහුවේ ටේහ්‍යන්ග් දිහාවට හැරෙන ගමන්.

"කූ.. මයි ප්‍රිටී බේබි බය වෙන්න එපා. මම ඔයත් එක්ක ඉන්නවා ඕකේ. ඔයාට ඔයාගේ ටේව ගොඩක් විශ්වාසයි නේද?" ටේහ්‍යන්ග් ඇහුවේ ජන්කුක්ගේ ඇස් දෙක දිහාම බලන්.

ඒ බෝල ඇස්වල බයත් එක්කම දිලිසෙන කදුළු කැට පිරිලා ගිහිල්ලා තිබ්බේ තව ට්ක වෙලාවකින් ඒවා කඩන් වැටෙනවා කියලා පෙන්නන ගමන්මයි.

"ටේ ඇයි කිය.."

"මං ඇහුව දේට උත්තර දෙන්න බේබි"

"ඔ-ඔව් මං මටත් වඩා ට්‍රස්ට් කරන්නේ ඔයාව ටේ" ජන්කුක් ටේහ්‍යන්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගන්න ගමන්ම කිව්වේ වෙන්න යන්නේ මොකක් වුනත් ඒ දේ හොද දෙයක් නෙවෙයි කියලා එයාට තේරුන හින්දමයි.

"බේබි ප්ලීස් කාම් ඩවුන් ඕකේ? කා එකේ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපිට ඉක්මනටම පරිස්සමින් පාටි එකට යන්න පුළුවන්. ට්‍රස්ට් මී. ටික දුරක් මෙහෙම යමු. මම හැමදේම හරිගස්සනවා. ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ මම ප්‍රොමිස්"
ටේහ්‍යන්ග් කිව්වේ steering wheel එක තනි අතකිනුත් අනිත් අතෙන් ජන්කුක්ගේ අතකින් තදින් අල්ල ගන්න ගමන්මයි.

Last Goodbye [Vkook] √Onde histórias criam vida. Descubra agora