02nd Goodbye!

61 14 0
                                    

"මම ඔයාව විශ්වාස කරනවා.මම දන්නවා ඔයා කිසිම දවසක මට මුකුත් වෙන්න දෙන්නේ නෑ කියලා" ජන්කුක් කිව්වේ ආපිට ටේහ්‍යන්ගේ අතින් අල්ලගෙන ලස්සනට- ගොඩක් ලස්සනට ටේහ්‍යන්ග් එක්ක හිනාවෙන ගමන්.

ටේහ්‍යනුත් ආපිට ජන්කුක් එක්ක හිනාවුනා. දෙන්නම දැනන් හිටියා මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. ඒත් ඒ දෙන්නා නොදන්නවා වගේ හැසිරුනා.

ජන්කුක් හොදින්ම දැනන් හිටියා බ්‍රේක් වැඩ කරන්නේ නැති එක ටේහ්‍යන්ග්ට මේ වෙලාවේ හදන්න බැහැ කියලා. ඒ වගේම ටේහ්‍යන්ග් දැනන් හිටියා තව මීටර් සීයක දුරකින් කා එක ලොකු හෙලක් පහු කරන බවත් එතනදි අනිවාරෙන්ම කා එක හෙලට වැටෙන බවත්. ඒත් ඒ දෙන්නම ඊටත් වඩා දැනන් හිටියා මේ මොහොතෙදිත් ඒ දෙන්නා එකිනෙකාට කොච්චර ආදරේ කරනවද කියලා

විනාඩි කීපෙකින් ලොකු සද්දයක් එක්කම කා එක ලගම තිබ්බ ලොකු ගහක වැදුනා. හෙලට නොවැටුනත් කා එක ගහක වැදිලා නතර වෙලා තිබ්බා.

"ම්ම්හ්" ටේහ්‍යන්ග්ට තමන් වටේට වෙලා තියෙන දේවල් පේන්න ගත්තා. ඒ කියන්නේ ටේහ්‍යන්ග් ජීවතුන් අතර. ටේහ්‍යන්ග් දැක්කා තමන්ගේ එකම ආදරය වුන ජන්කුක් තමන්ට එහාපැත්තෙන් වැටිලා ඉන්නවා. ජන්කුක්ගේ ඔලුවෙන් ලේ ගොඩක් ගලන ගමන් තිබ්බා.

ටේහ්‍යන්ග් ජන්කුක් දෙන්නම කා එකෙන් එලියට විසි වෙලා තිබ්බා. ටිකක් එහාට වෙන්න කා එක ගිනි ගන්න ගමන් තිබ්බා. ටේහ්‍යන්ග්ට ලොකුවට ශක්තියක් තිබ්බේ නැතත් ටේහ්‍යන්ග් දුවගෙන ජන්කුක් ගාවට ගියා.

"ජන්කුකී බේබි ඇහැරෙන්න..ප්ලීස්... මම ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ" ටේහ්‍යන්ග් ජන්කුක්ගේ ඔලුව තමන්ගේ උකුලේ තියාගන්න ගමන් ඔහේ කියෙව්වා.

"ඉන්න බේබි මම ambulance එකකට කතා කරන්නං. ඔයාට මුකුත්ම වෙන්න දෙන්නේ නෑ මම" ටේහ්‍යන්ග් ජන්කුක්ගේ ඔලුව ආයෙමත් බිමින් තියලා දුවන් ගියා. වටේටම ඇවිද්දත් එයාට කවුරුත් හොයාගන්න පුළුවන් වුනේ නෑ.

ටේහ්‍යන්ග් ආයෙමත් දුවන් එද්දි කාගෙදෝ වාහනයක් නතර කරලා තිබ්බා වගේම ජන්කුක්ව ambulance එකක් ඇතුලට දාගන්න ගමන් තිබ්බා.

_________________________________________

පිස්සු වගේද :)? දෙයක් කියන්නද කාවවත් විශ්වාස කරන්න එපා

Last Goodbye [Vkook] √Where stories live. Discover now