04th Goodbye!

52 15 0
                                    

ටේහ්‍යන්ග් හිටියේ ජන්කුක්ව තියලා තිබ්බ බෙඩ් එක ඉස්සරහ හිටගෙන. ජන්කුක්ගේ සර්ජරි එක සක්සස් වෙලා තිබ්බා. ජන්කුක්ගේ ඔලුව වටේටම ලොකු බැන්ඩේජ් එකක් ඔතලා තිබ්බා. ජන්කුක් කා එකේ එනකොට ඇදන් හිටිය ෆුල් කිට් එක වෙනුවට ජන්කුක්ට හොස්පිට්ල් යුනිෆෝර්ම් එකක් අන්දවලා තිබ්බා. ජන්කුක්ගේ මූනේ දකුණු පැත්තේ කම්මුලක සීරිච්ච පාරක් තිබ්බා.

ටේහ්‍යන්ග් හිමීට ජන්කුක් ගාවට ඇවිදන් ගියා. එතකොටම වගේ ජන්කුක්ගේ සහ ටේහ්‍යන්ගේ පේරන්ට්ස්ලා රූම් එකේ දොර ඇරලා ඇතුලට ඇවිදන් ආවා. ඒ හැමෝගෙම මූනූවල ගොඩක් ලොකු වෙහෙසකර පාටක් ඇදිලා තිබ්බා.

ඊට ටිකක් පිටිපස්සෙන් ඩොක්ටර් කෙනෙක් වගේම පොලිස් ඔෆිසර් කෙනෙක් රූම් එක ඇතුලට ඇවිදගෙන ආවා.

"ඩොක්ටර් දැන් මගේ පුතාගේ කන්ඩිෂන් එක කොහොමද?" ජන්කුක්ගේ ඩෑඩ් ඩොක්ටර් දිහාවට හැරුනා.

"එයා දැන් අවධානමෙන් මිදිලා ඉන්නේ. ඒ වෙලාවේ එතනින් ගිය වෙහිකල් එකක කෙනෙක් තමයි හොස්පිට්ල් එකට කෝල් එක දීලා තිබ්බේ. Ambulance එක වෙලාවටම ගිය හින්දා ජන්කුක්ව බේරගන්න පුළුවන් වුනා. බයවෙන්න එපා මිස්ටර් ජියෝන් ජන්කුක්ට පැය 48ක් ඇතුලත සිහිය එයි. අපි බලමුකෝ" ඩොක්ටර් ජන්කුක්ගේ ඩෑඩ්ගේ උරහිසට තට්ටුවක් දාලා එලියට ඇවිදන් ගියා.

හැමෝම සැනසීමෙන් හුස්ම ගත්තේ එතකොටයි. ජන්කුක් හොදින්.

"අම්..මිස්ටර් ජියෝන් අපි කා එක පොලිස් ස්ටේෂන් එකට ගෙනිච්චා. මම හිතන්නෑ කා එකනං රෙපෙයා කරලා රීයූස් කරන්න පුළුවන් වෙන කන්ඩිෂන් එකක තියෙනවා කියලා. කා එකේ බ්‍රේක් කේබල් කැඩිලා තියෙනවා. ඇක්සිඩන්ට් එකට හේතුව වුනේ ඒක. මිස්ටර් ටේහ්‍යන්ග්ව බේරගන්න අපිට බැරි වුනා. මිස්ටර් ජන්කුක්ගේ පැත්තෙන් විතරයි කා ඩෝ එක කැඩිලා මිස්ටර් ජන්කුක්ව එලියට විසික් වෙලා තිබ්බේ.මිස්ටර් ටේහ්‍යන්ග්ව කා එක ඇතුලෙම හිරවෙලා තිබ්බ නිසා කා එක ගිනි ගත්ත වෙලේ...මිස්ටර් ටේහ්‍යන්ගේ බොඩි එක හදුනගෙන අරගෙන යන්න පුළුවන්" ටේහ්‍යන්ගේ ඩෑඩ් ඔලුව වනලා එලියට ඇවිදන් ගියා.

"ජන්කුකී පොරොන්දු වුනා වගේම ඔයාට මම මුකුත් වෙන්න දුන්නේ නෑ. ඔයාගේ ටේ ඔයාව බලාගත්තා. මම ඔයාට ආදරෙයි මයි බේබි" ටේහ්‍යන්ග් ජන්කුක්ගේ නලලෙන් තිබ්බ හාදුව හුලගට පාවෙලා ගියා ටේහ්‍යන්ග් වගේම.

Last Goodbye [Vkook] √Where stories live. Discover now