03rd Goodbye!

59 15 4
                                    

ටේහ්‍යන්ග් දුවන් ගිහින් ජන්කුක්ව දාගත්ත ambulance එකටම නැග්ගා. ඒ වෙද්දිත් ජන්කුක්ගේ ඔලුවෙන් ගොඩක් ලේ ගලන ගමන් තිබ්බා. වටේටම හිටිය nurses ලා ජන්කුක්ට ඔක්සිජන් මාස්ක් එක දාලා ජන්කුක්ගේ ඔලුවෙන් ලේ යන එක නවත්තන්න උත්සාහ කලා.

සයිරන් සද්දෙත් එක්කම ambulance එක ඉක්මනටම හොස්පිට්ල් එකට ගියා. ටේහ්‍යන්ග් තාමත් ජන්කුක්ගේ අතකින් අල්ලගෙන ගොඩක් හයියෙන් අඩන ගමන් හිටියා. එයාට පේන්න තිබුනේ එයාගේ ජන්කුකී කිසිම සිහියක් නැතුව ambulance එක ඇතුලේ තිබ්බ චූටි ඇදේ ඇලවිලා ඉන්නවා විතරයි.

හොස්පිට්ල් එකට ආපු ගමන්ම ජන්කුක්ව ambulance එකෙන් එලියට අරන් ට්‍රොලි එකක දාලා ඉක්මනටම සර්ජරි එකකට අරන් ගියා.

ටේහ්‍යන්ග් ICU රූම් එක ඉස්සරහ දනින් වැටිලා හයියෙන් කෑ ගහලා ඇඩුවා. මෙහෙම වෙන්න දෙන්න බෑ. එයාගේ ජන්කුකී. එයා පොරොන්දු වුනා එයාගේ හස්බන්ව මුකුත් නොවී බේරගන්න. ඒත් දැන් එයාගේ හස්බන් ලොකු සර්ජරි එකකට මැදි වෙලා කෘත්‍රිමව හුස්ම ගන්න තැනටම ඇවිත්.

විනාඩි 45ක් විතර ගෙවිලා ගිහින් තිබ්බා. තවමත් ජන්කුක්ගේ සර්ජරි එක වෙමින් තිබුනා. එකපාරටම ජන්කුක්ගේ ෆැමිලි එක වගේම ටේහ්‍යන්ගේ ෆැමිලි එකෙත් කට්ටිය සර්ජරි රූම් එක දිහාවට දුවගෙන ආවා.

ටේහ්‍යන්ග් වැටිලා හිටිය තැනින් ටිකක් ඔලුව උස්සලා බැලුවා. ඔක්කොම අය අද පාටි එකට යන්න ඕන විදිහට ලෑස්ති වුන ඇදුම්ම තාමත් ඇදන් ඉන්නවා ටේහ්‍යන්ග් දැක්කා. ජන්කුක්ගේ අම්මා වගේම ටේහ්‍යන්ගේ අම්මත් ගොඩක් හයියෙන් කෑ ගහලා අඩන ගමන් ජන්කුක් හිටිය සර්ජරි රූම් එකේ දොරෙන් තියෙන පොඩි කවුළුවෙන් රූම් එක ඇතුල බලන ගමන් හිටියා.

ටේහ්‍යන්ග්ට එයා වැටිල හිටිය තැනින් ඔලුව උස්සන්න ඕන වුනේ නෑ. එයා බිම දිගාවෙලාම හිටියා. ටේහ්‍යන්ගේ ඇස්වලින් ගොඩක් වේගෙන් කදුළු ගලමින් තිබ්බා.

Last Goodbye [Vkook] √Where stories live. Discover now