Last Goodbye!

73 15 5
                                    

(Try the song )

ජන්කුක් කළු පාට ෆුල් කිට් එකක් ඇදලා ග්‍රේව් එක ඉස්සරහ හිටන් හිටියා.

'ටේහ්‍යන්ග් කිම්' ග්‍රේව් එකේ කොටලා තිබ්බ නම උඩ අතින් හරිම සිනිදුවට අතගාපු ජන්කුක් තමන්ගේ අතේ ගුලිවෙලා තිබ්බ සුදු ලිලී මල් පොකුර ටේහ්‍යන්ගේ ග්‍රේව් එක උඩින් තිබ්බා. තමන්ගේ ඇස්වලින් නැවතීමක් නැතුවම ගලන කදුළු පිහිද ගන්නවත් ජන්කුක්ට වුවමනාවක් තිබ්බේ නෑ.

එහෙමම හැරිලා ජන්කුක් එලියට දුවන් ගියා.

_________________________________________

ජන්කුක් බැල්කනි එකේ වාඩි වෙලා ඈත පේන අහස දිහා බලන් හිටියා. වෙනදට මෙතන තමන්ගේ අඩුව මකන්න ඉන්න එයාගේ හස්බන්ඩ් අද එයා ගාව හිටියේ නෑ.

ටේහ්‍යන්ග් ජන්කුක්ට දුන්න පොරොන්දුව ආරක්ෂා කරලා ජන්කුක්ව සදහටම දාලා ගිහින් තිබ්බා. ජන්කුක්ට තාමත් විශ්වාස කරන්න බැරි වුනා එදා රෑ තමන් එක්කම කා එකේ එහා පැත්තේ සීට් එකේ ඉදන් ගිය තමන්ගේ හස්බන්ඩ් මේ වෙනකොට තමන් එක්ක නෑ කියලා. අඩුම තරමේ ජන්කුක්ට ටේහ්‍යන්ග්ට අවසාන වතාවටත් සමු දෙන්න බැරි වුනේ ජන්කුක්ට සිහිය එනකොට ටේහ්‍යන්ගේ ෆියුනරල් එකේ වැඩ ඉවර කරලා තිබුනු නිසා.

ජන්කුක් ඉදන් හිටිය තැනින් නැගිටලා එහා පැත්තේ බිම වැටිලා තිබ්බ ටේහ්‍යන්ගේ ටී ෂර්ට් එක තමන්ගේ අත් අතරට ගත්තා. එහා පැත්තේ තිබ්බ ස්පීකර් එකෙන් ලස්සන සින්දුවක් ප්ලේ වෙමින් තිබ්බා. ජන්කුක් ටේහ්‍යන්ගේ ටී ෂර්ට් එක තමන්ට තදින්.. හුගක් තදින් තුරුලු කරගත්තා. ජන්කුක් ඇස් පියාගෙන ප්ලේ වෙන සින්දුවට අවධානේ දුන්නා. එයාගේ ටේහ්‍යන්ග් ඉස්සරහ හිටගෙන හිටියා.

Every night I'm dancing with your ghost never got a chance to say a LAST GOODBYE!

Every night I'm dancing with your ghost never got a chance to say a LAST GOODBYE!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Last Goodbye [Vkook] √Where stories live. Discover now