09th Episode

91 26 12
                                    

At 03.30 p.m

"ටේයොන් මෙහ්.."

"ම්ම්"

"ලගක දී ඉදන් මගෙ කාඩ් එකෙන් සල්ලි අඩු වෙනව නේ.. මං හෙව්වා හෙව්වා ඒත් අවු උනේ නෑ.."

"කවුරුහරි සල්ලි අදිනවා?"

"ම්ම්.. ඒත් මොකාද කියලා මට හිතාගන්න බෑ.."

"තමුන් කොහෙවත් යන නැට්ටිච්චියෙකුට කාඩ් එක දෙන්න ඇති.."

"යා යා හ්යොන්ග් ඔයා හිතුවද මම ජීමින් වගේ කියලා ආහ්.. ඔය වැඩේ මම කලේ ඉස්සර 😒"

ජන්ග්කුක් ටේයොන්ට බැන බැන ෆෝන් එකට මූණ ඔබාගත්තෙ ටේයොන් කට කොනින් හිනාවක් දානකොට.. ටේයොන්ගෙ හිනාව ජන්ග්කුක් දැක්කෙ නෑ කියලා හිතුවත් ඇහැ කොනින් ජන්ග්කුක් හිනාව දැක්කා.. ඒ නිසා ජන්ග්කුක් හරි බරි ගැහිලා ටේයොන්ගෙ පැත්තට හැරිලා ඉඳගත්තෙ ටේයොන්ට සැක සහිත බැල්මක් දාන ගමන්..

"දැං මොකද මං දිහා ඔහොම බලන්නෙ ආ?"

"හ්යොන්ග්.. මට ඔයාව සත පහකට ශුවර් නෑ.."

"යාහ් ඔයා කියන්නෙ මම ඔයාට හොරෙන් ඔයාගේ කාඩ් එකේ අංකෙ අරගෙන මගේ ගේම් එකට පේ කරලා ඒ මදිවට ඔන්ලයින් ඕර්ඩර්ස් වලටත් පේ කරලා ඒ කිසි දෙයක් ඔයාට අහු නොවෙන්න ඔයාගේ ෆෝන් එක හැක් කරලා මැසේජ් ටික අයින් කරලා මුකුත් නොදන්න බබා වගේ ඔයා එක්ක කතා කරනවා කියලා ද ජියෝන් ජන්ග්කුක්?"

ටේයොන් ඇස් දෙකත් ලොකු කරගෙන ජන්ග්කුක්ගෙන් අහනකොට ජන්ග්කුක් කෑ ගහගෙන ටේයොන්ගෙ ඇගට කඩාගෙන පැන්නෙ එයාලා ඉන්නෙ වෑන් එක ඇතුලේ කියලාවත් ගානක් නැතුව..

කාර් එක හයිලෙවල් එකෙන් මේන් රෝඩ් එකට දාලා ටික දුරක් යනකොට ටේයොන් එක්ක රණ්ඩු වෙවී හිටිය ජන්ග්කුක් වෑන් එක නවත්තන්න කියලා ඩ්‍රයිවර්ට කෑ ගැහුවා..

ජන්ග්කුක්ගෙ සද්දෙට ඩ්‍රයිවර් වෑන් එක පාරෙ අයිනට කරලා නවත්තනකොට ටේයොන්වත් පෙරලගෙන වෑන් එකෙන් බැහැපු ජන්ග්කුක් පාරෙන් අනිත් පැත්තට පැන්නා..

එයාගෙ පස්සෙන් ටේයොන්ට යන්න ඕන උනත් පාරෙ වාහන වැඩි නිසා ටේයොන්ට පාර මාරුවෙන්න බැරි වුණා.. ටේයොන් දැක්කෙ ජන්ග්කුක් ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා විතරයි.. ඒ ජන්ග්කුක් ලයින් දාන ගර්ල් කෙනෙක් කියලා හිතපු ටේයොන් ආයෙත් වෑන් එකට නැගලා ජන්ග්කුක් දිහාත් ගර්ල් දිහාත් බලාගෙන හිටියා.. ගර්ල් වෑන් එක පැත්තට පිටුපාලා හිටිය නිසා ටේයොන්ට එයාව අදුන ගන්න බැරි වුණා.. 

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now