17th Episode

65 14 2
                                    

ජින් උඩ තට්ටුවට ඇවිත් තමන්ගේ කාමරේ දොර හයියෙන් වහනවත් එක්ක ම අහස දෙබෑ කරගෙන මහ හයියෙන් අකුණක් ගැහුවෙ මහ වරුසාවක පෙර නිමිති පෙන්නන ගමන්.. බිත්තියේ එල්ලලා තිබුණු ඔරලෝසුවේ රෑ 07.00 යි කියලා පෙන්නනලා තිබුනා.. ඇඳ උඩින් ඉඳ ගත්තු ජින් බර හුස්මක් පිට කලේ හේතුවක් නොදැන.. කකුල් දෙකේ තිබුණු සෙරෙප්පු දෙකත් ගලවලා විසි කරලා ඇඳෙන් එහෙම්ම ම හාන්සි උනේ පපුවේ වම් පැත්තෙන් දැනුනු හීන් වේදනාව නිසා.. ඒත් එක්කම සට සට ගාලා මහ වැහි බිඳු පොලවට ඇදගෙන වැටෙන්න ගත්තේ මේ සරත් සෘතුව කියලා අමතක කරලා දාලා..!

ආරක්ශකයො හතර වටේ ඇවිදින සුවිසල් තාප්ප වලින් වට උනු තට්ටු හතරේ අධි සුඛෝපභෝගී නිවාසයේ ප්‍රධාන දොර ඉස්සරහ සුදු ඇඳගත්තු කෙල්ලෙක් කන් දෙකත් වහගෙන වාඩි වෙලා ඉන්නවා! ශනායා දිහා ආරක්ෂාවට දාලා හිටපු පිරිමි බලාගෙන හිටියෙ හරි අමුතු විදියට.. ඒක කෙල්ලට අපහසුවක් උනත් ඒ දේවල් ගානකට නොගෙන ඉන්න ශනායාට පුලුවන් උනා..

වර්ෂාවේ වේගේ එන්න එන්නම වැඩි වෙනකොට තවත් ශනායාට එතන ඉන්න පුළුවන් තත්වයක් තිබුණේ නෑ.. මහ හයියෙන් අකුණු ගගහා වර්ෂාව ඇද හැලෙන කොට ශනායාට පුලුවන් උනේ තව තවත් මුල්ලකට ගුලි වෙන්න විතරයි..

පැයක්.. දෙකක්.. නෑ ඊට වැඩියි.. පැය තුන හතරක් වෙන්නත් පුළුවන් මේ මහ වරුසාවට..තාමත් ශනායා මුල්ලකට ගුලි වෙලා.. කෙල්ල හොඳටම තෙමිලා.. සීතලට වෙව්ලනවා.. තමන්ගේ අවසන් හුස්ම හෙළන්න කලින් ජින්ව බලන්න ඕන කියන තද ආශාව ශනායාගෙ හිතේ තිබුණා.. මොකද ශනායා හිතුවෙ ම මේ වැටෙන්නෙ එයාගෙ අවසන් හුස්ම ටික කියලා.. ඒත් ශනායාට දැන් ම මැරෙන්න දෙන්න දෛවයට ඕන කමක් නෑ වගේ!

මෙච්චර වෙලා වැහිලා තිබුණු දොර ඇරෙන්න ගත උනේ තත්පර කීපයයි.. ශනායා හිටියෙ සිහියත් අසිහියත් මැද.. දරදඬු අත් දෙකක් ශනායාව උස්සලා අරගෙන ගේ ඇතුලට අරගෙන ගියා.. ශනායාට ඒ කවුද කියලා දැනගන්න ඕන උනත් සිහියත් අසිහියත් අතර හිටපු ශනායාව අසිහිය වෙලා ගත්තේ හරි ඉක්මනට..
.
.
.
.
.
සැප පහසු නින්දක හිටපු ශනායා එක පාරට ම ඇහැරුනේ මොකක් හරි බිඳෙන සද්දෙකට.. ඒත් එක්ක ම කීප දෙනෙක්ගෙ කෑ ගැහැලි හඬත් ඇහුනා.. හෙමින් හෙමින් ඇඳෙන් බැහැපු ශනායා කාමරේ දොර ලගට ඇවිදගෙන ගිහින් දොරට අත තියෙනවත් එක්ක ම දොර ඇරුනේ ශනායා අඩියක් පස්සට තියනකොට..

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now