14th Episode

84 22 3
                                    

මියානේ මිස්ටර් සැම්සන්.. ඔයාට පුළුවන් වෙන ගර්ල් කෙනෙක්ව තෝරගන්න.. මෙයා වෙනුවට.."

"අයිශ් මගුල"

මේ වෙලාවෙ ජින් එක්ක රණ්ඩු වෙන්න ඕන නැති නිසා සැම්සන් එතනින් එහාට ගියා..  සැම්සන් එතනින් යනවත් එක්කම ජින්ගෙ පපුවට තද වෙලා හිටපු ගායොන් ජින්ගෙ අත් දෙක උඩ සිහිය නැතිව ඇදගෙන වැටුණා..

_________

"අහ් මගෙ ඔලුව.."

නිදාගෙන හිටපු ගායොන් එක අතකින් ඔළුවත් අල්ලගෙන ඇඳෙන් ඉඳගත්තා..

"අයිශ් මට මොකද උනේ?"

ගායොන් ඔළුවත් අල්ලගෙන වටපිට බලද් දීයි එයාට තේරුනේ එයා ඉන්නෙ තමන්ගේ ගෙදර නෙවෙයි කියලා..

"ඔමෝ මං මේ කොහෙද ඉන්නේ? ඊයෙ රෑ.. මං.. මට.. ඔහ් ජින්!!!"

ඊයෙ වෙච්ච දේවල් එකින් එක මතක් වෙනකොට ජින්ව මතක් උනු ගායොන් ඉබේම ඇඳෙන් නැගිට්ටුනා..

"එතකොට මං ඉන්නෙ ජින්ගෙ මැන්ශන් එකේ ද නැත්තං.."

වටපිට බලපු ගායොන් දැක්කා ඇඳ ලඟ තියලා තිබුණු සෙරෙප්පු දෙක.. ඒ දෙකත් දාගෙන ගායොන් හෙමින් හෙමින් කාමරේ දොර ලගට ගිහින් දොරේ අගුලට අත තිබ්බා.. දොර ලොක් නෑ කියලා දැනුනු නිසා ගායොන් හෙමීට දොර ඇරලා කාමරෙන් එලියට ආවා..

"අනී.. මේ මැන්ශන් එක නෙමෙයි!"

"මිස් ගායොන්!"

එකපාරට ඇහුණු කටහඬට බය උනු ගායොන් පපුවටත් අත තියාගෙන පිටිපස්සට හැරුණා..

"ඔහ් යුන්ගි! ඔයා මාව බය කළා!"

"පල්ලෙහාට යන්න ජින් බලාගෙන ඉන්නවා!"

තවත් මුකුත් නොකියපු යුන්ගි ගායොන්ව පහු කරගෙන පහලට ගියා..

"අහර්ර් මං කොහොමද ඒ මනුස්සයා ඉස්සරහට යන්නෙ!?"

අකමැත්තෙන් උනත් ජින් ලඟට යන්න ඕන බව ගායොන් දන්න නිසා හොඳ හුස්මක් අරගෙන පඩිපෙල බහින්න ගත්තා.. සෝෆා එකට වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ටැබ් එකට මූණ ඔබාගෙන ඉන්න ජින්ව දැකපු ගායොන් එතැන ම නතර උනේ දැනුනු හැඟීමක් එක්ක..

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now