13th Episode

79 22 10
                                    

ඔයා කවුද ගායොන්?"

කෑම ගන්න අතරෙ ජීමින් එක පාරට ම ඇහුව ප්‍රශ්නෙ නිසා ගායොන් පුදුමෙන් ජීමින් දිහා බැලුවෙ හදවත වේගයෙන් ගැහෙද්දී..

_______

"ම-මං?"

"ම්ම්"

ජීමින් හැන්දයි ගෑරුප්පුවයි ප්ලේට් එක උඩින් තියලා අත් දෙක පපුවට බැඳගන්න ගමන් පුටුවට බර උනේ ලොකු කතාවක් අහන්න හිතාගෙන..

"ඇයි ඔයා මගෙන් එකපාරට ම එහෙම ප්‍රශ්නයක් ඇහුවේ?"

"මොකද මට ලොකු කුතුහලයක් තියෙනවා එකපාරට ම අපේ ජීවිත වලට ආපු මේ මූන් ගායොන් කියන්නෙ කවුද කියලා දැනගන්න.."

"මටත් හිතාගන්න බෑ මං ඇමරිකා ඉඳලා කොරියාවට ආවට පස්සේ ඔයාලා වගේ පිරිසක් මට හම්බවුනේ ඇයි කියලා.. අපි හිතමු ඒක දෛවය කියලා.."

ජීමින් යන්තම් හිනා වෙලා බෙල්ල පැත්තකට ඇල කලා..

"ඒත් මං දෛවය විශ්වාස කරන්නෙ නෑ.."

"අහ් ඒක මගෙ ප්‍රශ්නයක් නෙවෙයි.."

"අපි හම්බවුණේ දෛවය නිසා නම්.. ඔයා ඇයි ජන්ග්කුක්ට එහෙම දෙයක් කලේ!?"

"අපි හිතමු ඒකත් දෛවයේ සරදමක් කියලා.."

"හහ් ඔයා හරි ලේසියෙන් ප්‍රශ්න මග අරිනවා නෙ මූන් ගායොන්!"

"එහෙම දෙයක් නෑ.."

ඒ අතරෙ ගායොන්ගෙ අත වැදිලා එයාගෙ පර්ස් එක බිමට වැටෙනකොට ඒක ගන්න බිමට නැවුණු ගායොන්ගෙ බෙල්ලෙ එක පේලියට තිබුණු බර්ත් මාර්ක් තුන මත ජීමින්ගෙ ඇස් දෙක නතර උනේ අහම්බෙන්..

"මූන් ගායොන්, ඔයා තාමත් ඇත්ත හංගනවද?"

"අහ්?"

"තමුන් කවද්ද ඔය වෙස්මූණ ගලවන්නෙ? තමුන්ට පොඩ්ඩක්වත් දුක නැද්ද ජන්ග්කුක් ගැන? ජින් ගැන? තමුන්ගෙ ඔය වෙස් මූණ නිසා නෙවෙයි ද ඒ කොල්ලො විදවන්නෙ? මූන් ගායොන් ස්ටොප් දිස්! තමුන් ඇත්ත කියලා ජින් ගෙන් සමාව අරගෙන ආයෙ අපි ලගට මං එන්න.. තවත් අපේ එකාට දුක් දෙන්න එපා..!"

"මං ඇයි ආයෙත් එන්නෙ ජීමින්? මං නිසා නං මේ හැමදේම? ඇයි ආයෙමත්?"

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now