32

1.8K 335 148
                                    

මන්දිරය ඉස්සරහට වේගෙන් ඇවිත් බ්‍රේක් කරපු කාර් එකේ සද්දෙ ඇහෙද්දි යොන්ජුන් අපහසුවෙන් කෙළ ගිල්ලා. මහන්සිය නිසා තද නින්දක ඉන්න ජන්ග්කුක් දිහා වතාවක් බලපු යොන්ජුන් කාමරෙන් එළියට ගියේ ලොකු ධෛර්යයක් හිතට අරන්.

"වොහ් ටේ? මොකද උනේ?" විසිත්ත කාමරේ හිටපු ජින් වේව්ලමින් දොර ගාව හිටගෙන ඉන්න ටේහ්‍යුන්ගෙන් ඇහුවත් ටේහ්‍යුන්ගේ රතු ඇස් යොමු වෙලා තිබුනේ දැන් විසිත්ත කාමරයට එනගමන් හිටපු යොන්ජුන් දිහාවට.

ෆයිල් එක රෝල් කරන් හිටපු එයාගෙ අත් තවත් තද වුනා වගේම එයා හිමින් හිමින් යොන්ජුන් ගාවට අඩිය තිබ්බා.

"ය්-යොන්ජුන්- හ-හ්." ටේහ්‍යුන්ට වචනයක්වත් කතා කරගන්න බැරි වුනා.

ටේහ්‍යුන් මුලින් ඒ රිපෝට් එකේ තියෙන දේවල් විශ්වාස කලේ නෑ ඒත්, නර්ස් එයාට දිගින් දිගටම සාක්ෂි සහිතව ඇත්ත ඔප්පු කරද්දි ටේහ්‍යුන්ගේ හිතත් ටික ටික කෑලි දහස් ගානකට බිඳිලා ගියා.

මේ දේ දන්න නිසයි යොන්ජුන් හිතා මතාම ටේහ්‍යුන්වම හොස්පිට්ල් එකට යවන්න සැලසුම් කරේ. කාලය ඇවිත්, ප්‍රෙහෙලිකාවේ හිස් තැන් පුරවලා ප්‍රෙහෙලිකාව අවසන් කරන්න.

"හ්-හියුන් මාත් එක්ක එන්න." යොන්ජුන් කිව්වේ මන්දිරයෙන් එළියට යමින්. තද කරලා ඇස් දෙක පියාගත්ත ටේහ්‍යුන්ගේ ඇස් වලින් කඳුලු බේරුනා වගේම එයාගෙ කටින් ඉකියක් පිට වුනා.

"ටේ? හැමදේම හොඳින්ද?" ජින් මේ වතාවෙ ව්‍යාකූලව ඇහුවම ටේහ්‍යුන් වෙව්ලන අතින් එයාගෙ අතේ තිබුනු රිපෝට් එක ජින් අතට දීලා එතනින් ගියේ අද එයා මේ සේරම විසඳගන්නවා කියලා හිතමින්.

මේ අතරේ එයාගෙ අතේ තිබුන රිපෝට් එක කියෙව්ව ජින්ගෙ ඇස් කම්පනයෙන් ලොකු වුනා.

"දෙ-දෙයියනේ." හිමින් මුමුණපු ජින්ගේ කඳුළු පිරුනු ඇස් ඊළඟට ඈතින් යන ටේහ්‍යුන්ට යොමු වුනා.

* * * * * * * * * *

රාත්‍රිය උදා වෙන්න ළං වෙලා තිබුන නිසා පරිසරයේ තිබුනේ මද අඳුරක්. පැසෙන්ජර් ශීට් එකේ හිටපු ටේහ්‍යුන් එයාගෙ හැඟීම් එක්ක අරගලයක යෙදිලා ඉන්න අතරේ යොන්ජුන්ගේ හැඟීම් විරහිත හිස් බැල්ම පාරට යොමු වෙලා තිබුනා. දෙන්නම හිටියේ ටේහ්‍යුන්ගේ කාර් එකේ යන ගමන්. කොහෙද යන්නෙ කියලා ටේහ්‍යුන් දන්නෙ නෑ.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now