chapter 1..❤️

1.4K 127 70
                                    

ඒලාම් එක කැ ගහන සද්දෙට ඇහැරිලා බලද්දී වේලාව උදේ හයත් වෙලා...

"""අහ්හ්හ්....එපාවෙනවා තව ටිකක් පරක්කු වෙලා ඕක වැදුනා නම් මොකක් වෙනවද අප්පා .."""

නැගිටින්න කම්මැලි කමේම මන් ඇද ලග චුටි ටේබල් එක උඩ තිබුන ඒලාම් තියපු චුටි ඔරලෝසුව අරන් ඔෆ් කරලා දාලා හරි බරි ගැහිලා නැගිට්ටේ හිතේ සතුට සැනසීම තියන එකම තැනට යන්න....

ඒ වෙන කොහේවත් නෙවෙයි මන් වැඩිපුරම ඉන්න කැමති හිත නිවෙන එකම තැන......ප්‍රශ්න අමතක කරලා නිදහසේ ඉන්න පුලුවන් එකම තැන......මන් වැඩ කරන සැලෝන් එක...

සැලෝන් එකක් කිව්වට ඒක නිකන් දෙකයි පනහෙ එකක් නෙවෙයි ......විසික්කරන්න තරම් සල්ලි තියන නොන හාමුලා ,මහත්වරු එන අදි සුඛෝපභෝගී නවීන පන්නයේ ආයිත්තම් වලින් පරිපුර්ණ වුන සේවකයන් දහා දොලොස් දෙනෙක් වැඩ කරන එකක්...

ෆෝන් එකේන් අද දවස කවදද කියලා බලද්දී මටම හීල්ලුනේ අද නිවාඩු දවසක් උනත් අනිත් හැමෝම ගෙවල් වලට ගිහින් අම්මා තාත්තා සහෝදරයෝ බලද්දී...... මන් විතරක් තනියම මේ පාලූ බෝඩිමේ බිත්ති හතරට කොටුවෙලා ජිවිතේ ගෙවද්දී දැනුන කාලකන්නි හැගීමට......

මේක අස්සට වෙලා ඉන්නවට වඩා හොදයි සැලෝන් එකට ගිහින් වැඩක් කරන එක.......එහෙම හිතපු මන් ඉක්මනින් වොශ් එකක් දාගෙන.......කොටු පනින්න ගිහින් මාට්ටු වෙනවට බයේ කම්බි වැටකින් රින්ගද්දි ඉරුනා හා සමාන එහෙන් මෙහෙන් ඉරුන කලු ඩෙනිම දාගෙන සුදු අතදිග ශර්ට් එකත් දාගෙන පුරුදු විදිහට උඩ බටන් තුන අන්බටන් කරේ මගේ සුදුම සුදු නිරුවත් පපුවට මගේම දැස් යද්දි ...

""' මේ පපුවට අයිතිකාරයෙක් මට තාම මුනගැගිලා නැ.. අනික ඉතින් කාත් කව්රුත් නැති උබට කැමති වෙන්නේ කවුද තිනූ. අහ්..??"''

ලොකු හුස්මක් හෙලපු මන් ශර්ට් අත් දෙකත් වැලමිට ලගට නැවුව මන් ටිකක් වෙලා බලන් හිටියේ මගේම අතේ තියන ටැටු එක දිහා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
තුන් සදක්.... Slow update Where stories live. Discover now